Cricket NewsEXCLUSIVEInternational

හෙට පැවැත්වෙන පළමු එක්දින තරගයට පැතුම් සූදානම්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර හෙට (13) ආරම්භවන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම උදෙසා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පෙරේදා බංග්ලාදේශය බලා පිටත් වුනා.

හෙට පස්වරු 2ට චිතොග්‍රොම් රාහුල් අමීන් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මෙම එක්දින තරගාවලිය ආරම්භවන අතර, දෙවැනි හා තෙවැනි තරග මේ 15දා හා 18දා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ආබාධයක් හේතුවෙන් විස්සයි 20 තරගාවලිය අහිමි වූ පැතුම් නිශ්ශංක ඊයේ චිතොග්‍රොම් ක්‍රීඩාංගණයේදී ඉතා හොඳින් පුහුණුවීම් කළ බවත්, පළමු එක්දින තරගයට ඔහු සූදානමින් සිටින බවත් බංග්ලාදේශයේ සිටින ක්‍රිකට් නිලධාරියෙකු ‘දිනමිණ‘ පුවත්පතට පවසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button