Cricket NewsEXCLUSIVEPremier LeagueT10 League

“Lanka T10 League 2024” ක්‍රිකට් ප්‍රීමියර් ලීගය සඳහා එක්වන නවතම කණ්ඩායම ලෙසින් කොළඹ වරාය නගරය නියෝජනය කරමින් “Port City Braves” නම් කණ්ඩායම එක්වේ

දෙසැම්බර් 12 වැනිදා සිට දෙසැම්බර් 22 දක්වා පැවැත්වෙන “Lanka T10 League 2024” ක්‍රිකට් ප්‍රීමියර් ලීගය සඳහා එක්වන නවතම කණ්ඩායම ලෙසින් කොළඹ වරාය නගරය නියෝජනය කරමින් “Port City Braves” නම් කණ්ඩායම එක් වී තිබේ.

මෙම Port City Braves කණ්ඩායම අයත් වන්නේ Braves Cricket නම් සමාගමකට වන අතර ඔවුන් විසින් Abudhabi T10 ලීගයට ක්‍රීඩා කරන “Chennai Braves” සහ Zim-Afro T10 ලීගයට ක්‍රීඩා කරන “Bulawayo Braves” යන කණ්ඩායම් දෙකේද හිමිකාරිත්වය දරයි.

ඒ අනුව මේ සමඟ 2024 ලංකා T10 ලීගයට ක්‍රීඩා කරන කණ්ඩායම් 6 අතුරින් ‘Bangla Tigers Hambantota’, ‘Moratu Marvels’ සහ ‘Port City Braves’ ලෙස කණ්ඩායම් 3 ක් මේ වන විට නිල වශයෙන් එළි දක්වා ඇත.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button