Cricket NewsEXCLUSIVEInternational

තරග 3ක ජගත් එක්දින තරගාවලියකදී වැඩිම ලකුණු ලැබූ ලෝකයේම 4 වැනියා – පැතුම් නිශ්ශංක ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි

සංචාරක ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර, අවසන් එක්දින ගැටුමෙන් කඩුලු 7ක ජයක් ලැබූ ශ්‍රී ලංකා පිල තරග 3-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කරයි. වසර 2019දී බටහිර ඉන්දීය කොදෙව් සමඟ ශ්‍රී ලංකාවේ පැවති තරග 3කින් සමන්විත තරගාවලිය 3-0කින් ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව එවැනි පූර්ණ තරගාවලි ජයක් ඊයේ වසර 5කට පසු වාර්තා කිරීම විශේෂත්වයකි.

5 වැනි එක්දින ශතකය වාර්තා කළ පැතුම් නිශ්ශංක පන්දු 100කදී හයේ පහර 2ක් හා හතරේ පහර 16ක් සමඟ ලකුණු 118ක් ලබා වාර්තා පිට වාර්තා බිහි කිරීමට සමත් වූවේය. ශ්‍රී ලංකා පිතිකරුවකු වාර්තා කළ වේගවත්ම එක්දින ලකුණු 2000 පසු කළ පැතුම් නිශ්ශංක ඉනිම 52කදී එම දක්ෂතාව ක්‍රිකට් වාර්තා පොතේ සටහන් කළේය. මෙයට පෙර ඉනිම 63කදී වත්මන් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ලකුණු 2000 පසුකොට තිබිණි.

මෙයට අමතරව තරග 3කින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගාවලියකදී වැඩිම ලකුණු ලැබූ ලොව සිව්වැනි පිතිකරු බවට ලෝක වාර්තා පොතට පැතුම් නිශ්ශංක ඊයේ දිනයේ එක් විණි. පැතුම් ඇෆ්ගනිස්තානයට එරෙහි තරග තුනේදී ලකුණු 346ක් (210+18+118) ලැබූ අතර, මෙයට පෙර ඉන්දියාවේ ශුබ්මන් ගිල් 2022දී නවසීලන්තයට එරෙහිව ලකුණු 360ක්, පාකිස්තානයේ බාබර් අසාම් 2016දී කොදෙව් පිලට එරෙහිව ලකුණු 360ක්, බංග්ලාදේශයේ ඉම්රුල් කයිස් 2018දී සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 349ක් ලබා පැතුම්ට ඉදිරියෙන් සිටින අතර, දකුණු අප්‍රිකාවේ ක්වින්ටන් ඩි කොක් 2013දී ඉන්දියාවට එරෙහිව ලකුණු 342ක් ලබා පැතුම්ගේ පසුපසට තල්ලු වී ගියේය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
2
+1
3
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button