Cricket NewsEXCLUSIVEInternational

එක්දින පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වලින් ශකීබ් අල් හසන්ට පළමු ස්ථානය අහිමි කරමින් ඇෆ්ගනිස්තාන ක්‍රීඩක මොහොමඩ් නබී පලමු ස්ථානය ලබා ගනී.

දින 1739කට (වසර හතරයි දින 275කට ආසන්න) පසු එක්දින පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වලින් බංග්ලාදේශ ශකීබ් අල් හසන්ට පළමු ස්ථානය අහිමි වීම විශේෂත්වයකි. ඔහු 2019 මැයි 7 සිට මේ දක්වා පෙරමුණ ගෙන සිටි අතර, එය ඕනෑම ක්‍රීඩකයෙක් ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානයේ රැඳී සිටි වැඩිම කාලයයි. ශ්‍රී ලංකාවට එරෙහිව පළමු තරගයේදී දැක්වූ දස්කම් හේතුවෙන් ඇෆ්ගනිස්තාන ක්‍රීඩක මොහොමඩ් නබී තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණට පත් විය.

එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ඉහළින්ම සිටින වයස්ගතම ක්‍රීඩකයා නබී වන අතර, ඔහුට පෙර එම වාර්තාවට හිමිකම් කී ශ්‍රී ලංකාවේ තිලකරත්න ඩිල්ෂාන් 2015 වසරේ ජුනි මාසයේදී අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්වන විට වයස අවුරුදු 38යි මාස 8ක් ලෙස සටහන් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button