Cricket NewsEXCLUSIVEIPL

“Warnerට ශතකය දාන්න තව ලකුණු 8යි තිබ්බෙ, මන් ඇහුවා සිංගල් එකක් දාලා දෙන්නද කියලා, ඔහු මට කිව්වා උපරිම වේගයෙන් ලකුණු රැස් කරන්න කියලා” – Rovman Powell

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 50වන තරගය ලෙස Delhi Capitals සහ Sunrisers Hyderabad කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 21ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Delhi Capitals කණ්ඩායම අද සමත් වුනා.

එහිදී ඕස්ට්‍රේලියානු පිතිකරු David Warner සහ කෙදෙව් පිතිකරු Rovman Powell විසින් Delhi Capitals කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉණිම් දියත් කරනු ලැබුවා.

මේ අතර Delhi Capitals ඉණමේ 19 වන පන්දුවාරයට පැමිණෙන විට David Warner පන්දු 58ක් තුල ලකුණු 92ක් රැස් කරගෙන සිටියේ ශතකයට ලකුණු 8ක් පමණක් පිටුපසින් සිටිමිනි.

එම අවස්ථාවේ Warner වෙත පැමිණි Powell ශතකය සම්පුර්ණ කිරීම සඳහා Warnerට අවස්ථාවක් ලබා දීමට කතා කල විට, Warner එය ප්‍රතික්ෂේප කර Powell හට වේගයෙන් ලකුණු රැස් කිරීමට උපදෙස් දී තිබෙනවා.

එය සිය පෞද්ගලික ලකුණු වලට වඩා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් Warner කැප වෙන බවට කදිම උදාහරණයක්.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක් වූ Rovman Powell එම සිදු වීම මෙලෙස විස්තර කර සිටියා.

“අවසන් පන්දුවාරයට කලින් මම වෝනර්ට කිව්වා මන් සින්ගල් එක දාලා දෙන්නම් ඔයා ඔයාගෙ ශතකයට යන්න කියලා. නමුත් ඔහු මට කිව්වා, “එහෙම නෙවෙයි ගේම් එක ගහන්නේ ” කියලා, මට කිව්වා ලොකු පහරවල්වලට යන්න කියලා..”

එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7