EXCLUSIVETrending Article

“භානුක රාජපක්ෂගේ ටැලන්ට් එකට ඇයි ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් මෙහෙම කරන්නෙ? – ක්‍රිකට් රසිකයකු තැබූ සටහන.!

” ඔබ මට මීලඟට මුණ ගැසෙද්දි ජාතික කන්ඩායම නියෝජනය කරයි ”

එදා භානුක වයස අවුරුදු 19න් පහල ලෝක කුසලානය ක්‍රීඩා කරද්දි වසීම් අක්‍රම් භානුකට පැවසුවේ එහෙම,
මොකද ක්‍රිකට් වල හිටපු අසමසම ලෙජන්ඩ් කෙනෙක් වෙච්චි වසීම්ලා පවා එදා මේ පොඩි කොල්ලගේ හැකියාව දැක්කා.

ඒ දවස්වල පාසල් සම්මාන උළෙලවල් වලදී භානුකට නිසැකවම සම්මාන ලියවිලා තිබුනා. ඒ මේ උපන්ගෙයි දක්ෂතා හින්දා.
එහෙම එකාව අපේ ක්‍රිකට් දන්නා මහත්තු අවුරුදු දහයක් මොට කර කර හිටියා.

” මට සල්ලි එපා… රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න දෙන්න.”
අන්තිමට භානුක කිව්වෙ එහෙම,

ලීග් පිටියේ කොච්චර පොරක් වෙන්න පුළුවන් වුනත් රට තමයි භානුකට අංක එක වුනේ,
ඒත් තාමත් ජාතික කන්ඩායමේ සුදුස්සෙක් වෙන්න භානුක මදිලු.

දෙයියනේ මේ මනුස්සයාගේ මේ ටැලන්ට් එකට ඇයි මෙහෙම කරන්නේ ???

මීලඟ ලෝක කුසලානය තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. බලාගෙන හිටියා නිමා වුනු ඕස්ට්‍රේලියානු සංචාරයේවත් භානුකට චාන්ස් එකක් ලැබෙයි කියලා. මොකද වර්ල්ඩ් කප් එකට කලින් භානුකට වර්ල්ඩ් කප් කන්ඩිශන් වලට ශූට් වෙන්න තියෙන එකම චාන්ස් එක ඒක,

ඒත් ඒකත් නැති කරා.

අද භානුක මොන සක්කරයාටවත් ටීම් එකට නොගෙන ඉන්න බැරි වෙන්නම ලෝකේ හොදම විස්සයි විස්ස ලීගයේ උඩ දාගෙන කෙලිනවා.

ප්ලීස් දැන් ඇති !

දැන්වත් මේ ටැලන්ට් එකෙන් ලක් අම්මාට වැඩක් ගන්න.
භානුක ලෑස්තියි ඒකට..

– Rishie Broතැබූ සටහනක් ඇසුරිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button