Cricket NewsEXCLUSIVE

ටිකට් පත් මිලදී ගැනීම සඳහා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට ජන ගඟක් – සියලු ටිකට් පත් සවස් වන විට විකිණී අවසන්.!

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය අරඹමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරඟාවලිය ඊයේ ආරම්භ වූ අතර ඊයේ පැවති පළමු තරඟයෙන් සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කල අතර දෙවන තරඟය තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තෙවන විස්සයි-20 තරඟය එළඹෙන 11 වන දා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර අද දිනයේදී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තෙවන තරඟය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් වීම ඇරඹුණු අතර ක්‍රිකට් අය්තනය නිවෙදනය් කර සිටියේ තරඟය පැවැත්වෙන දිනට ආරක්ෂක හේතුන් මත ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බවයි.

ඒ හේතුවෙන් විශාල ක්‍රිකට් ප්රෙක්ෂයන් පිරිසක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අසලට රැස් වූ අතර Online ටිකට් පත් ලබා දීමද සිමා කර තිබෙන බවද ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබුවා.

ඒ අනුව අද සවස් යාමය වන විට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තෙවන විස්සයි-20 තරඟයේ සියලුම ටිකට් පත් විකිණී අවසන් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් මගින් දැනුම් දුන්නා.

ටිකට් පත් මිලදී ගැනීම සඳහා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට පැමිණි එන ගඟ දැක්වෙන වීඩියෝවක් පහතින්

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button