Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

එදා මෙදා තුර බිහිවූ සාර්ථකම ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩිකාව වන Mithali Raj වසර 23 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම යයි.!

එදා මෙදා තුර ඉන්දීය කාන්තා ක්‍රිකට් වංශකතාව බිහිකල විශිෂ්ටතම ක්‍රීඩිකාව වන මිතාලි රාජ් තම වසර 23 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට අද නැවතුම් තැබුවාය. ශතකයකින් තම ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් දිවිය ඇරඹූ රාජ් අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව 1999 වසරේදී ජාත්‍යන්තර වරම් දිනාගන්නා විට ඇයගේ වයස අවුරුදු 17 ක් විය.

ඉන්දියානු කාන්තා ක්‍රිකට් වංශකතාව තුල ඇයගේ වෘත්තිමය ක්‍රිකට් දිවිය ගත කල කාලය දෙවැනි වන්නේ සචින් තෙන්ඩුල්කාර්ට පමණකි. දශක 4 කදී ඇය ඉන්දීය ජාතික කණ්ඩායම වෙනුවෙන් වසර 23 ක්‍ ක්‍රීඩා කලේය.

මංගල එක්දින ශතකය ලබාගන්නා විට ඇයගේ වයස අවුරුදු 16 ක් විය. ලාබාලම එක්දින ශතකය ලබාගත් ක්‍රීඩිකාව වන ඇය කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභිනිය වන විට ඇයගේ නම ඉදිරියේ ලකුණු 7805 ක් සටහන්ව තිබුණි. එක්දින ශතක 7 ක් අර්ධ ශතක 64 ක් රැස් කරන්නට රාජ් සමත්වූයේ 50.68 ක සාමාන්‍යක් රඳවාගනිමිනි.එක්දින තරඟ තුලදී ඇය කඩුලු 8 ක් ද දවාගෙන ඇත.

ටෙස්ට් ද්විත්ව ශතකයක් ලබාගත් ලාබාලම ක්‍රීඩිකාව මෙන්ම කාන්තා ක්‍රිකට් පිටිය තුල නොම්බර 4 පිතිකරණ ස්ථානයේ වාර්ථා වූ ඉහලම පෞද්ගලික ඉනිම රාජ්ගේ නම ඉදිරියේ ලැයිවුනේ 2002 වසරේ එංගලන්තයට එරෙහිවය.

ලකුණු 214 ක් එහිදී රැස් කල ඇයගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය තුල තරඟ 12 කදී ලකුණු 699 ක් රැස් කලේය.එක් ශතකයක් අර්ධ ශතක 4 ක් ඇයගේ නම ඉදිරියේ සටහන් වූ අතර සාමාන්‍ය ලකුණු 43.68 ක් විය. තෙවැනි ලාබාලම ටෙස්ට් ක්‍රිකට් නායිකාව වන ඇය වයස අවුරුදු 22 දී ඉන්දීය කණ්ඩායමේ නායක්ත්වයට පත් විය.

එංගලන්තයට එරෙහිව 2006 වසරේදී විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනාගත් රාජ් තරඟ 89 කදී ලකුණු 2364 ක් රැස් කලේය. අර්ධ ශතක 17 ක් රැස් කරන්නට සමත් වූ රාජ්ගේ සාමාන්‍ය 37.52 ක් ලෙස සටහන් විය.

2020 නොවැම්බරයේදී, ICC දශකයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා වන Rachael Heyhoe-Flint සම්මානය සහ දශකයේ කාන්තා ODI ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා වන සම්මානය සඳහා රාජ් නම් කරන ලදී. එමෙන්ම ඉන්දියාවේ ක්‍රීඩකයෙකුට පිරිණමන ඉහලම සමානය වන Khel Rathna සම්මානයෙන්ද ඇය පිදුම් ලැබීය.

රාජ් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් තම සමුදීම පිලිබඳව කියා සිටියේ “වසර ගණනාවක් පුරා ඔබගේ ආදරය සහ සහයෝගය සඳහා ඔබට ස්තුතියි! ඔබේ ආශිර්වාදය සහ සහයෝගය ඇතිව මම මගේ දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7