Cricket NewsEXCLUSIVE

ඩුබායි කැපිටල්ස් පිතිකරුවන්ගෙන් ඩිලශාන් මධුශංකට දැඩි ප්‍රහාරයක් ! දුශ්මන්ත චමීරගේ පන්දු යැවීම හමුවේ සජා පිතිකරුවන් අසරණ වෙයි !

ඊයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී Sharjah Warriors කණ්ඩායම හා Dubai Capitals කණ්ඩායම තරඟ වැදුනේ මෙවර ILT20 තරඟාවලියේ තවත් තරඟයක් ක්‍රියාත්මක කරමින්.

එහිදී කඩුලු 5 ක පයක් ලබන්නට Sharjah ක්‍රීඩකයින් සමත් වූයේ ජොන්සන් චාල්ස්ගේ විශිෂ්ඨ ඉනිම හේතුවෙන්.

ඊයේ තරඟයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම එක්ව සිටියා.ඩිල්ශාන් මධුශංක මහීෂ් තීක්ෂණ හා දුශ්මන්ත චමීර ඒ අතර වෙද්දී ඩිල්ශාන් මධුශංකගේ දස්කම් නම් අපේක්ෂා කල මට්ටමේ තිබුණේ නැහැ.ඔහුගේ පන්දුවාර 4 තුලදී ලකුණු 49 ක් ලබාගන්නට ඩුබායි කැපිටල්ස් ක්‍රීඩකයන් සමත් වද්දී මහීෂ් තීක්ෂණ අද තරඟයේදීත් කඩුලු 2ක් බිඳහෙළුවා.

පන්දුවාර 20 තුලදී ඩුබායි කැපිටල්ස් ක්‍රීඩකයින්ට කඩුලු 7 ක් දැවී රැස් කිරීමට හකිවූයේ ලකුනු 170 ක් පමණයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කයක් හඹාගිය සාජා ක්‍රීඩකයින් එම ඉලක්කය පහසුවෙන් පසුකර යද්දී ප්‍රතිවාදී ඩුබායි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දුයැවීමක නිරතවන්නට දුශ්මන්ත චමීර සමත් වූ අතර එහිදී ඔහු කඩුලු 4 ක් බිඳ දමන්නට සමත් විය.

ඒ අනුව චමීර තම පන්දුවාර 4 නිමාකලේ ලකුණු 20 කට කඩුලු 4 ක් දවාගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button