Cricket NewsEXCLUSIVE

“මම හිතන්නේ ශ්‍රී ලංකාව තරඟය දිනුම්, එම අමතර ලකුණ ඔවුන්ට අනිවාර්යෙන් ලැබිය යුතුව තිබුණා” – ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන් කියයි.!

ඊයේ SCG හි නිමාව දුටු ශ්‍රී ලංක ඔස්ට්‍රේලියා දෙවන විස්සයි විස්ස තරඟය තීරණාත්මක සුපිරි පන්දුවාරයකින් ජයගන්නට සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

කෙසේ නමුත් එම තරඟයේ ශ්‍රී ලංකා ඉනිමේ 20 වෙනි පන්දුවාරයේ 5 වැනි පන්දුව පිළිබඳව විශාල ආන්දෝලනයක් ජාත්‍යන්තරය පුරාවට නිර්මාණය විය.

ඊයේ (13) ෆොක්ස් ක්‍රිකට් සමඟින් මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ශේන් වෝන් ඒ පිළිඹඳව අදහස් දක්වමින් කියා සිටියේ ” එය මට වයිඩ් පන්දුවක් ” යනුවෙනි.

එම මාධ්‍ය සාකච්ඡාවෙහිදී තව දුරටත් අදහස් දැක්වූ වෝන් කියා සිටියේ

“මම හිතන්නේ ශ්‍රී ලංකාවට එම අමතර ලකුණු ලැබිය යුතුව තිබුණා, ඒ කියන්නේ ඔවුන් තරගය දිනන්න තිබුණා” යනුවෙනි.

කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම මීලඟ තරඟ තුන කෙරෙහි වඩාත් අවධානයක් ලබාදිය යුතු බවත් ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ මට්ටමක පසුවන බව තමන් විශ්වාස කරන බවත් වෝන් පවසා සිටියා

ජාත්‍යන්තර විචාරකයන් අතර පවා දැඩි කතා බහක් ඇති කිරීමට සමත් වූ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබු තරඟය උදුරාගත් එම ආන්දෝලනාත්මකම විනිසුරු තීරණය ඇතුලත් වීඩියොව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7