Cricket NewsEXCLUSIVEWoman Cricket

දකුණු අප්‍රිකානු කාන්තාවන් පරාජය කරමින් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පිට පිට තෙවන වරටත් විස්සයි-20 ලෝක ශුරතාවය ජයග්‍රහණය කරයි.!

මෙවර දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුනු කාන්තා විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අදින් අවසන් වුයේ පිට පාට තෙවන වරටත් ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ශුරතාවය හිමි කර දෙමිනි.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර අද සවස ආරම්භ වූ අවසන් මහා තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු නායිකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6ක් පමණක් දැවී ලකුණු 156 ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 157ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 137ක් පමණයි.

එමෙන්ම 2018 වසරේදී සහ 2020 වසරේදී කාන්තා විස්සයි-20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාව 2023 ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමත් සමඟ අඛණ්ඩව තෙවන වරටත් ශූරයන් බවට පත්වීමට සමත් වුණා.

එමෙන්ම විස්සයි-20 ක්‍රිකට් පිටියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක ශුරයන් වූ 6වන අවස්ථාව ද මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7