Cricket NewsEXCLUSIVEIPL

මහිෂ් තීක්ෂණගේ අභිරහස් පන්දුව ඉදිරියේ කොදෙව් දැවැන්තයා කිරන් පොලාඩ් දණ නමයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 33වන තරගය ලෙස Mumbai Indians කණ්ඩායම සහ Chennai Super Kings කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 3ක තියුණු ජයක් හිමි කර ගැනීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා.

එහිදී තරඟයේ ජයග්‍රහණය සඳහා Chennai Super Kings කණ්ඩායමට අවසන් පන්දුවාරය සඳහා ලකුණු 17ක ඉලක්කයක් හිමි වූ අතර Chennai Super Kings කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සින් දෝණි අවසන් පන්දුවාරයේ දියත් කල සුපිරි පිතිකරණය ඔවුන් වෙත ජයග්‍රහණය රැගෙන අවා. එම අවසන් පන්දුවාරයේදී මහේන්ද්‍ර සින් දෝණි විසින් දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 2ක් එල්ල කරනු ලැබුවා.

මේ අතර Chennai Super Kings කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරන මහිෂ් තීක්ෂණ අද දිනයේදී තීරණාත්මක කඩුල්ලක් වන කිරාන් පොලාඩ්ව දවා ගැනීමට සමත් වුනා. ඒ පන්දු 9කට ලකුණු 14ක් ලබාගනිමින් කෙමෙන් කෙමෙන් සිය සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරණයට පිවිසීමට පොලාඩ්ව උත්සහ කරමින් සිටි අවස්ථාවේ මහිෂ්ගේ කැරම් පන්දුවට ඔහු ගොදුරු වුවා.

මහිෂ් තීක්ෂණ විසින් කිරන් පොලාඩ්ව දවා ගත් ආකාරය පහතින් නරඹන්න

එම සුපිරි අවසන් පන්දුවාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7