Cricket NewsEXCLUSIVEInternational

“චමීර ටික කලක සිට කැපී පෙනෙන අයෙක් උනා.මීට පෙර ඔහුව තෝරා ගැත්තනම් වටිනවා.” කුළුඳුල් අයිපීඑල් තරඟයේ චමීරගේ දක්ශතා අගයමින් හර්ෂ බෝගල් කියයි

IPL 2022, LSG vs GT | Twitter reacts as Dushmantha Chameera sends wickets flying and Vijay Shankar tumbling

සිය කුළුඳුල් අයි පී එල් තරඟය ක්‍රීඩා කල ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් කලකට අමතක නොවන ආරම්භයක් ලබාදෙන්නට තමන්ගේ මංගල තරඟයට එක්වූ දුශ්මන්ත චමීර හට හැකි විය.පසුගිය වසරේදීද බැංග්ලෝර් කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙකු වෙමින් සම්පූර්ණ තරඟාවලියක් පුරාවට සිටින්නට ඔහුට සිදුවිය.

Dushmanta Chameera Cleans Up Vijay Shankar With A Fiery Yorker

කෙසේ නමුත් වසරකට පසු චමීරගේ අගය නිසිපරිදි හඳුනා ගන්නට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් විය.ඊයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව අයිපීඑල් වරම් දිනාගත් චමීර විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූයේ තමන් යොමු කල පළමු පන්දුවාරයේදී කඩුලු දෙකක් බිඳ දමමිනි.

IPL 2022: [Watch] Vijay Shankar gets clean bowled and falls over off Dushmantha Chameera's fiery yorker

පන්දුවාර 3 ක් ක්‍රියාත්මක කරමින් ශුබ්මන් ගිල්ගේ හා විජේ ශංකර්ගේ කඩුලු බිඳ දමන්නට චමීර සමත්වූයේ ලකුණු 22 ක් පමණක් ලබා දෙමිනි.

තම නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් චමිරගේ පන්දු යැවීම පිළිබඳව අදහස් දක්වමින් හර්ෂ බෝගල් කියා සිටියේ ” චමීරගේ මේ පිපිරීම ගැන පුදුමයක් නෑ. ඔහු ටික කලක සිට කැපී පෙනෙන අයෙක් උනා.මීට පෙර ඔහුව තෝරා ගැත්තනම් වටිනවා.” යනුවෙනි.

Two wickets in his first 7 balls for Dushmantha Chameera in IPL debut - CricWire

බොහෝ දුරට චමීර මත ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ පන්දුයැවීමේ බලඇණිය රඳා පවතින තත්වයක් මේ වන විට නිර්මාණය වෙමින් තිබෙන ආකාරයක් දක්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7