Cricket NewsEXCLUSIVE

වසර 11ක පළමු පෙල පිටියේ අත්දැකීම් සාර්ථකව උපයෝගී කරගත් ප්‍රභාත් ජයසූරියගේ ජාත්‍යන්තර අතික්‍රමණය.!

රංගන හේරත්ගෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නාගේ භූමිකාවට පළමු ආදේශයනය වූයේ ලසිත් ඇඹුල්දෙණිය ය. තමන්ගේ පලමු ටෙස්ට් තරඟය දකුණු අප්‍රිකාණුවන්ට එරෙහිව නිමාව දකින විට ඇඹුල්දෙණිය තේරීම් කමිටුවේ තීරණයෙහි වරදක් නැති බව පෙන්නුම් කරන්නට සමත් වූයේ තමන්ගේ තරඟ 17 ක ටෙස්ට් ක්‍රිකට් දිවිය තුලදී කඩුලු 71 ක් තම නම ඉදිරියෙහි සටහන් කරගනිමිනි.

ඇඹුල්දෙණියට ඇතිවූ ආබාධයක් හේතුවෙන් තේරීම් කමිටුව එවකට පළමු පෙල පිටියේ කැපී පෙනුනු ක්‍රීඩකයන් දෙපලක් වූ දුවිඳු තිලකරත්න දෙස හා ප්‍රවීන් ජයවික්‍රම වෙත අවධානය යොමු කලේය.

ඔවුන් දෙදෙනා අතුරින් ප්‍රවීන් හට ජාතික කණ්ඩායමේ දොරටු විවර කරන්නට තේරීම් කමිටුව තීරණය කලේය.ඔහු තම මංගල තරඟාවලියේදීම බංග්ලාදේශයට එරෙහිව තරඟාවලිය වැඩිම කඩුලු ලාභියා ලෙසින් හමාර කලේය.

ඉන් අනතුරුව මේ වසරේදී නිමාව දුටු ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරඟාවලිය ශ්‍රී ලංකා තේරීම් කමිටුව දේශීය පිටිය තුල ඕනෑම ආකෘතියකට සරිලන ක්‍රීඩකයින් සතු බව පෙන්නුම් කලේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 159 වැනි ක්‍රීඩකයා වෙමින් පළමු පෙල පිටියේ වැඩි කලක් ගත කල ප්‍රභාත් ජයසූරිය හට ටෙස්ට් වරම් හිමි කර දුන්නේය.

ජාත්‍යන්තර වරම් දිනාගන්නා විට ප්‍රභාත් ජයසූරියගේ වයස අවුරුදු 30 ක් විය.2011 වසරේ පළමු පෙල වරම් දිනාගත් ප්‍රභාත් ජාත්‍යන්තර වරම් දිනාගන්නා විට පළමු පෙල පිටිය තුල කඩුලු 263 ක් දවාගන්නට සමත් කම් දැක්විය. සාමාන්‍ය දඟ පන්දුයවන්නෙකුට සාපේක්ෂව ප්‍රභාත් තරමක් උසින් වැඩි හා වැඩි කෝණයක් නිර්මාණය කල හැකි පන්දු යවන්නෙකු විය.

එමෙන්ම ඔහු පන්දු යැවීමේදී වැඩි දඟ කැවීමක් නිර්මාණය කල හැකි කෝණයකින් පන්දුව නිදහස් කරන බවක් පෙනෙන්නට තිබුණි. ඒහේතුවෙන් ප්‍රභාත් හට ඔස්ටේලියාවට එරෙහිව නිමාව දුටු අවසන් ටෙස්ට් තරඟයේදී කඩුලු 12 ක් ලබාගන්නට ඔහු සමත් විය.

මේ වසරේ ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ප්‍රභාත් ජයසූරිය තමන් සතු කරගත්තේ මේ වසරේදී ඉනිම් 13 කදී කඩුලු 29 ක් ලබා සිටින එංගලන්ත ක්‍රීඩක ජැක් ලීච් හා සමවෙමිනි. ප්‍රභාත් මේ වසරේදී ඉනිම් 6 කදී කඩුලු 29 ක් දවාගෙන ඇති අතර එයට කඩුලු 5 බැගින් අවස්ථා හතරකදී ද දවාගත්තේය.ඒ අතරට ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලකුනු 59 කට කඩුලු හයක් දවාගැනීමට සටහන් විය.

කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් 2011 වසරේ පළමුපෙල වරම් දිනාගත් ප්‍රභාත් වසර 11 ක් පුරාවට දේශීය පිටියේ එතරම් කැපී පෙනෙන ක්‍රීඩකයෙකු නොවූ මුත් දේශීය පිටිය තුල ඔහු නිරන්තරයෙන් කඩුලු අතර රැඳී සිටියේය.

ඔහු දේශීය තණතීරු තුල වසර ගණනාවක් පුරාවට ලබාගත් අත්දැකීම් වඩාත් සාර්ථක අන්දමින් ජාත්‍යන්තර පිටියේදීද භාවිතයට ගත්තේය.විශේෂයෙන්ම පළමු තරඟයේදී ප්‍රභාත් වඩාත් ඉවසිලිවන්ත වෙමින් බාබර් අසාම්ට එරෙහිව සාර්ථක උපක්‍රමයක් භාවිත කරමින් ඔහුගේ කඩුල්ල ලබාගත්තේය.

දේශීය පිටිය තුල අවශ්‍ය තරඟකාරීත්වය හොඳ මට්ටමකට ඔසවා තැබීමේ මෑත කාලීන හොඳම උදාහරහණය ප්‍රභාත් බව නොහරසකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7