Cricket NewsEXCLUSIVEInternational

“මේ ඔබ ජිවිතයේ දකින හොඳම උඩ පන්දු රැකගැනීම් වලින් එකකි” – එංගලන්තය පවා තහවුරු කළ දකුණු අප්‍රිකා ක්‍රීඩක Tristan Stubbs රැකගත් සුපිරි උඩ පන්දුව.!

දකුණු අප්‍රිකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවැති තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලිය ඊයේ අවසාන වූයේ තරඟ 2-1ක් ලෙස තරගාවලි ජයග්‍රහණය දකුණු අප්‍රිකාවට හිමිකර දෙමිනි.

මේ අතර ඊයේ පැවති දෙවන සහ අවසන් විස්සයි-20 තරඟයේ දී ලකුණු 90ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරමින් තරගාවලියේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා පිතිකරුවන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක් පමණක් දැවී ලකුණු 191ක දැවැන්ත ලකුණ පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

එහිදී විශිෂ්ඨ ඉනිමක් දියත් කරමින් Reeza Hendricks ලකුණු 70ක් රැස්කල අතර Aiden Markram ලකුණු 51 ක් රැස් කළා.

ඒ අනුව ලකුණු 192ක ජයග්‍රහි ඉලක්කය හඹා යාමේ අරමුණෙන් පිට පිවිසි එංගලන්ත පිතිකරුවන්ට පන්දුවාර 16කුත් පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 101ක්පමණයි.

මේ අතර තරගය තවත් සුවිශේෂී සිදුවීමක් සිදුවුනා ඒ ජයග්‍රහි ඉලක්කය හඹායමින් සිටි එංගලන්ත කණ්ඩායමේ අංක 5 පිතිකරු ලෙස පිටියට පිවිසි ඒ Moeen Aliගේ කඩුල්ල ලබාගැනීමට Tristan Stubbs රැකගත් සුපිරි උඩපන්දු රැකගැනීමයි.

Aiden Markram යොමු කරන ලද තරඟයේ 9වන පන්දුවාරයේ අවසන් පන්දුවට මෙලෙස Moeen Ali දැවී ගියා.

එම විශිෂ්ට උඩ පන්දු රැකගැනීම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button