Cricket NewsEXCLUSIVESA20

කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිකරණය හේතුවෙන් Paarl Royals පරාජය කරමින් Pretorius Capitals කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථමයා ලෙස තරඟාවලියේ පළමු වටය අවසන් කරයි – තරඟයේ වීරයා කුසල් මෙන්ඩිස්.!

දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් පළමු වරට පැවැත්වෙන SA20 ප්‍රිමියර් ලීග් තරඟාවලිය මේ වන විට දැඩි තරඟකාරී මුහුණුවරක් ගෙන තිබෙන අතර ⁣පළමු වටයේ අවසන් තරඟ කිහිපය මේ වන විට පැවැත්වෙනවා.

තරඟාවලියේ 30 වන තරඟය ලෙස Pretorius Capitals කණ්ඩායම සහ Paarl Royals කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 59යක ජයග්‍රහණයක් සමගින් තරඟාවලියේ පළමු වටය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිට අවසන් කිරීමට Pretorius Capitals කණ්ඩායම සමත් වුයේ කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිකරණයත් සමගිනි.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Paarl Royals කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා Pretorius Capitals කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි Pretorius Capitals කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 226ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුණා .

Pretorius Capitals කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක් දියත් කරමින්, දකුණු අප්‍රිකාවේ SuperSports Park ක්‍රිඩාංගනයම එකම ගිණිකෙළි සැණකෙළියක් බවට පත් කරමින් විශිෂ්ට ප්‍රහාරාත්මක පිතිකරණයක් දියත් කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුනා.

කුසල් මෙන්ඩිස් මෙහිදී පන්දු 41ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 80ක් රැස් කිරීමට සමත් වු අතර ඔහුගේ මෙම සටන්කාමී ඉණිමට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් වුනා. ඉණිමේ ප්‍රහාරාත්මක වේගය 195.12ක අගයක් ගනු ලැබුවා.

Coin Ingram වේගවත් ලකුණු 41කින් සහ Phil Salt ද ඊට නොදෙවනි වේගවත් ලකුණු 39ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදි Lungi Ngidi කඩුලු දෙකක් බිඳ හෙළුවා.

අනතුරුව ලකුණු 227ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි Paarl Royals කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කරගැනීමට හැකි වුයේ ලකුණු 167ක් පමණයි.

Paarl Royals කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉණාමක් දියත් කල Joss Buttler පන්දු 45ක් තුල වේගවත් ලකුණු 75ක් රැස් කළ අතර Eoin Morgan ද වේගවත් ලකුණු 24ක් රැස් කළා.

පන්දු යැවීමේදි James Neesham කඩුලු 3ක් බිඳ හෙළු අතර තරඟයේ වීරයා සම්මානය විශිෂ්ට ඉණිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් හ⁣ට හිමි වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7