Cricket GossipCricket KnowledgeCricket NewsEXCLUSIVEInternational

මුත්තයියා මුරලිදරන් වෙනුවෙන් පෙනී සිටි ක්‍රීඩා විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සිරි කන්නංගර මහතා අභාවප්‍රාප්ත වෙයි

ක්‍රීඩා විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරි කන්නංගර මහතා ඔස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත වී තිබේ.

සිරි කන්නංගර මහතා හොරණ ප්‍රදේශයේ උපත ලබා බණ්ඩාරගම රඹුක්කන විද්‍යාර්ථ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇත.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ කීර්තිමත් වෛද්‍යවරයෙකු වන කන්නංගර මහතා 1977 වසරේ සිට පදිංචිව සිටියේ ඕස්ට්‍රේලියාවේ ය.

ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව හා රක්තවේදය පිළිබඳව ජාත්‍යන්තර කීර්තියක් උසුලන ඔහු ,බාර්සිලෝනා, ඇට්ලන්ටා සහ සිඩ්නි ඔලිම්පික් උළෙලවල ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩා වෛද්‍ය විශේෂඥයෙකු ලෙස සේවය කර ඇත. එම සේවය අගයනු වස් කන්නංගර මහතාට සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාවද උදා විය.

මහාචාර්ය සිරි කන්නංගර මහතාගේ විශේෂත්වය වන්නේ එතෙර හෝ මෙතෙර කිසිදු ශ්‍රී ලාංකිකයෙකුගෙන් සිය සේවය සදහා මුදල් ලබා නොගැනීමය.

මහාචාර්ය සිරි කන්නංගර මහතා ජාත්‍යන්තර මට්ටමේ ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද විවිධාකාර ගැටලුවලට මුහුණ දුන් අවස්ථාවලදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ මව්බිම වෙනුවෙන් තම සේවය මැනවින් ඉටු කරමින් ය.

මෙරටින් බිහිවූ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටියේ සිරි කන්නංගර මහතා ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button