Cricket NewsEXCLUSIVEInternational

ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ප්‍රමෝද්‍ය පොලිස් ඒකකයට කැදවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවට මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශ කළ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද (21) ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයට කැඳවා තිබේ.

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ මෙම පොලිස් ඒකකය ස්ථාපිත කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග පරාජයෙන් පසුව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා එල්ල වෙමින් තිබූ චෝදනාවලට පිළිතුරු දෙමින් පැවසුවේ ශ්‍රී ලංකාවේ පරාජය පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවත් එය හෙළි කිරීමට තමා සූදානම් බවත්ය.

ඒ සම්බන්ධයෙන් ඔහු දීර්ඝව කරුණු දක්වමින් පසුගිය නොවැම්බර් 14 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකයට දැනුම් දුන්නේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button