Cricket NewsEXCLUSIVEIPL

Punjab Kings කණ්ඩායමේ දුර්වල පිතිකරණය හේතුවෙන් Sunrisers Hyderabad කණ්ඩායමට කඩුලු 7ක පහසු ජයක්.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 28වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ Sunrisers Hyderabad කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Sunrisers Hyderabad කණ්ඩායම අද සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Sunrisers Hyderabad නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Punjab Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Punjab Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 151ක් රැස් කිරීමට සමත් වුණා.

Punjab Kings වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Liam Livingstone පන්දු 33කදී ලකුණු 60ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 4ක් හතරේ පහරවල් 5ක් ඇතුලත් වුනා.

Shahrukh Khan ලකුණු 26ක් රැස් කළ අතර Prabhsimran Singh ලකුණු 14ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Umran Malik කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් වූ අතර Bhuvneshwar Kumar කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 152ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad පිතිකරුවන් පන්දුවාර 18.5ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 152ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Sunrisers Hyderabad ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Aiden Markram ලකුණු 41ක් රැස් කල අතර Nicholas Pooran ලකුණු 35ක් රැස් කළා.

පන්දු යැවීමේදී Rahul Chahar කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7