Cricket NewsEXCLUSIVETrending Article

පළමු පෙල පිටියේ ද්විත්ව ශතක තුනක් රැස් කල ලාබාලතමයා ලෙසින් ටෙස්ට් තරඟ රටාවේ මීලඟ සන්නාමය වන්නට බලාසිටින නිශාන් මධුශ්ක.!

ශ්‍රී ලංකා ජාතික සංචිතය හැරුණු කොට සෙසු ශ්‍රී ලංකා සංචිත සියල්ලකම පාහේ ඉඩවෙන් කරගන්නට නිශාන් මධුශ්කට හැකි විය. මොරටු විද්‍යාලයෙන් බිහිවූ දකුණතින් පිත්ත හසුරුවන නිශාන් මුල්පෙල කඩුලුරකින පිතිකරුවෙකු ලෙසින් ඉහල නමක් දිනා සිටින යොවුන් ක්‍රීඩකයෙකි. සාම්ප්‍රදායික ටෙස්ට් තරඟ රටාව තුල ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනාගන්නා මීලඟ ක්‍රීඩකයා නිශාන් වීමටද ඇති ඉඩකඩ ඉතා සුලභ ය.

පිතිකරුවෙකු ලෙසින් යම්කිසි ආකෘතියක් යා හැකි පරාසය පූර්ව වශයෙන් පෙන්නුම් කරන මිනුම් දණ්ඩක් ලෙසින් ඔහුගේ පළමු පෙල දත්තයන් විශාල වගකීමක් ඉටු කරනු ලබයි. නිශාන් 2019 වසරේදී පළමු පෙල වරම් දිනාගත් අතර ඔහුගේ නැවතුම වූයේ රාගම ක්‍රීඩා සමාජයයි. විශේෂඥ කඩුලු රකින්නෙකු ලෙසින් රාගම ක්‍රීඩා සමාජය තුල නිශාන් හට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මුල් පෙල පිතිකරුවෙකු වන නිශාන් හට පිතිකරණ ලැයිස්තුවේ ඉහල පහල යමින් විවිධ පිතිකරණ ස්ථාන තුල ස්ථාවර වීමේ විරල හැකියාවක් තිබෙන බවත් ඔහු මේ වන විට පෙන්නුම් කර අවසන්.

දිගින් දිගටම නිරන්තර දස්කම් අතර රැඳෙන්නට වගබලා ගත් නිශාන් පළමු ලකුණු 3267 ක හිමිකරුවෙකි.තවමත් 23 වැනි වියෙහි පසුවන නිශාන් ද්විත්ව ශතක තුනක් රැස් කල ලාභාලතම පිතිකරුවාද වෙමින් මේ දක්වා පළමු පෙල පිටියේදී ශතක 10 ක් අර්ධ ශතක 14 ක්ද තම ලකුණු මල්ල තුල අන්තර්ගත කරගෙන තිබේ. ඒ ලකුණු 61 ක ප්‍රශස්ත සාමාන්‍යක්ද සහිතවයි.

එලබෙන නවසීලන්ත සංචාරය තුලදී නිශාන් බොහෝ විට ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගනු ඇති බවර අපේක්ෂා කිරීමට පුළුවනි. දේශීය පිටිය තුල හොඳින් ස්ථාවර වන පිතිකරුවන් මුහුණ දෙන විශාලතම අභියෝගය නම් ආසියානු උපමහද්වීපයන්ගෙන් පිටත එංගලන්තය,ඔස්ට්‍රේලියාව,නවසීලන්තය හා දකුණු අප්‍රිකාව වැනි රටවල් තුල වේගවත් තණතීරු තුල සාර්ථක වීමට අපොහොසත් වීමයි. සාර්ථක ටෙස්ට් පිතිකරුවෙකු නිර්ණය කිරීමේදී උක්ත සඳහන් කල රටවල් තුල එකී තත්වයන් තුල ඔහුගේ දස්කම් තීරණාත්මක මිනුම් දණ්ඩයක් බවට පත්වෙයි. නමුත් එය එතරම් පහසු කාරණයක් නොවන බව පෙනී යන්නේ අතිශය සාර්ථක ආසියාතික පිතිකරුවන් ආසියානු උපමහද්වීපයෙන් පිටතදී අතිශය සාමාන්‍ය පිතිකරුවන් බවට පත් වීමයි.

ඕනෑම පිතිකරුවෙකු මුහුණ දෙන ප්‍රධානතම ගැටලු කිහිපයෙන් එකක් වන මෙම කඩයිම තමා ලද පළමු අවස්ථාවේම සාර්ථකව පසුකරයන්නට නිශාන් සමත් වූයේ ඉකුත් වසරේ මැයි මාසයේදී ය. තම කුළුඳුල් විදෙස් සංචාරය වෙනුවෙන් ක්‍රිකට් උපන්දේශයට පියනැගූ ශ්‍රී ලංකා Development xi පිල වෙනුවෙන් පළමු සිව්දින තරඟයේදී නිශාන්ගේ දක්ෂතාවය ලකුණු 241 කි. නිශාන් සාමාන්‍ය දේශී පිතිකරුවෙකුගෙන් ඔබ්බට යා හැකි පිතිකරුවෙකු බවට අවධානය දිනාගත් ඉනිම වූයේත් මෙම ඉනිමයි.

අවසන් දේශීය තුන්දින තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා මෙන්ම තරඟාවලියේ වීරයා වූයේද ඔහුයි. එම තරඟාවලියේදී ඔහු ලකුණු 1000 සීමාව ඉක්මවා රැස් කල අතර නොදැවුණු ත්‍රිත්ව ශතකයක්ද සමඟින් ඔහු තරඟාවලියට අවතීර්ණ වූවා. අද එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව නිමාව දුටු තරඟයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ නැංගුරම වූ නිශාන් තරඟයේ දෙවන ඉනිමේදී ලකුණු 241 ක් ද පෙර තරඟයේදී ශ්‍රී ලංකා සභාපතිවරයාගේ පිල වෙනුවෙන් ලකුණු 150 ක්ද රැස් කිරීමටද ඔහු සමත් වීම දිගින් දිගටම ශ්‍රී ලංකා තේරීම් කමිටුවට නිශාන්ගේ ජාත්‍යන්තර ආගමනය ඉක්මන් කල යුතු බවට රතු එලියක් දල්වමින් තිබේ.

දිගින් දිගටම ලකුණු අතර රැඳෙමින් ශ්‍රී ලංකා A සංචිතය තුල මෙන්ම සෙසු සංචිතද තුල තමන් ලද සියලුම අවස්ථාවන්ට සාධාරණයක් ඉටුකරන්නට නිශාන් හට අවකාශය ලැබුණි. කඩුලු රකින්නෙකු ලෙසත් දීර්ඝතම ආකෘතීන් තුල නිශාන් මනා සාර්ථකත්වයක් උසුලන්නේ තරඟ 37 කදී දවාගැනීම් 67 ක දායක වෙමින්.ප්‍රසන්න ජයවර්ධනගෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් කඩුල්ල පසුපස වේග්වත් තාක්ෂණයකින් හෙබි සුහුරු දෑත් යුගලක් වෙනුවෙන් බලා සිටින කාල වකවානුවක යොවුන් ක්‍රීඩක නිශාන් මධුශ්ක ටෙස්ට් පිටිය තුල කෙතරම් දුරක් ගමන් කරාවිද ?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7