Cricket NewsEXCLUSIVE

කුසල් මෙන්ඩිස් සහ චතුරංගද සිල්වාට අමතරව ධනංජය ද සිල්වාත් ඩකා ප්‍රිමියර් ලීගයට එක් වෙයි.!

මේ දින වල බංග්ලාදේශය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වෙන ඩකා ප්‍රිමියර්ලීග් තරඟාවලිය තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එක් වීමට නියමිත බව සඳහන්.

ඉකුත් දා පැවැති තරඟයකදී ශතකයක් ලබාගත් කුසල් මෙන්ඩිස්ට අමතරව වනිඳු හසරංගගේ වැඩිමහල් සොයුරා වන තුන් ඉරියව් ක්‍රීඩක චතුරංග ද සිල්වා ද එම තරඟාවලියට මේ වන විටත් එක්ව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභල තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ඩකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගී වන සෙසු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වේ.

තරඟවලිය සඳහා එක් වීමේ අපේක්ෂාවෙන් 18 වනදා අලුයම දිවයිනෙන් ධනංජය පිටත්ව යාමට නියමිතයි

ධනංජය ද සිල්වා මෙවර තරගාවලියට අබහානි කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය. ධනංජය ද සිල්වා මෙවර තරඟාවලියේදී තරග 5කට ක්‍රීඩා කරන බව සඳහන් ය.

එම තරග 5 න් පසුව ධනංජය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට සමඟින් එක්වීමට අපේක්ෂාවෙන් පසු වේ.

ඒ බංග්ලාදේශ කණ්ඩායම සමඟින් ආරම්භ වීමට නියමිත තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය සඳහා එක් වීමටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7