Cricket NewsEXCLUSIVE

පිතිකරුවන්ගේ අතිශය දුර්වල පිතිකරණය හේතුවෙන් Punjab Kings කණ්ඩායමට Delhi Capitals හමුවේ දැවැන්ත පරාජයක්.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි.

මේ අතර අද තරගාවලියේ 32වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ Delhi Capitals කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට Delhi Capitals කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Delhi Capitals නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Punjab Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Punjab Kings කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 115ක් පමණයි.

Punjab Kings කණ්ඩායමේ දියාරු පිතිකරණය මෙහිදී කැපී පෙනුන අතර මුල් පෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය මෙම පරාජයට ප්‍රධාන හේතුව බවට පත් වුනා.

Punjab Kings ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Jitesh Sharma ලකුණු 32ක් රැස් කලා, ලකුණු 20 සිමාව පසු කල අන් එකම පිතිකරුවා වුයේ නායක Mayank Agarwal පමණයි ඔහු ලකුණු 24ක් රැස් කළා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Khaleel Ahmed, Lalit Yadav, Axar Patel සහ Kuldeep Yadav කඩුලු දෙක බැගින් දව ගනිමින් Punjab Kingsඉනිම සුනුවිසුනු කිරීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 116ක පහසු ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන් පන්දුවාර 10.3ක් අවසානයේ කඩුලු 1ක් පමණක් දැවී ලකුණු 119ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Delhi Capitals ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ David Warner පන්දු 30ක් තුල වෙගවත් ලකුණු 60ක් රැස් කල අතර Prithvi Shaw ලකුණු 41ක් රැස් කළා.

පන්දු යැවීමේදී Rahul Chahar එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button