Cricket NewsEXCLUSIVEIPLMatch Review

වන්කඩේ ක්‍රීඩාංගණය දෙවනත් කළ සුර්යාගේ සුපිරි පිතිහරඹය හමුවේ RCB හි කුසලාන බලාපොරොත්තු ඉවතට – Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 54වන තරගය ලෙස Royal Challengers Bangalore කණ්ඩායම සහ Mumbai Indians කණ්ඩායම් අතර පැවති අතිශය තීරණාත්මක තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Mumbai Indians කණ්ඩායම සමත් වුනා.

මේ සමගින් Royal Challengers Bangalore හි PLAY-OFF වටයේ බලාපොරොත්තු 80%ක් පමණ බිඳ වැටුණු අතර Mumbai Indians කණ්ඩායම PLAY-OFF වටයට පිවරක් ඉදිරියට පැමිණියා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Mumbai Indians නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Royal Challengers Bangalore කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Royal Challengers Bangalore කණ්ඩායම කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 199ක් රැස් කිරීමට සමත් වුණා.

Royal Challengers Bangalore කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කල Glenn Maxwell පන්දු 33කදී ලකුණු 68ක් වාර්තා කිරීමට සමත් වුනා. Faf du Plessis වේගවත් ලකුණු 65ක් රැස් කළ අතර Dinesh Karthik ලකුණු 30ක් රැස්කිරීමට සමත්වුණා.

ඒ අනුව ලකුණු 200ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Mumbai Indians පිතිකරුවන් පන්දුවාර 16.3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 200ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Mumbai Indians ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Suryakumar Yadav පන්දු 35ක් තුල වෙගවත් ලකුණු 83ක් රැස් කල අතර Nehal Wadhera ලකුණු 52ක් රැස් කළා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 2ක් බිඳ හෙලුවා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
16
+1
10
+1
11
+1
4
+1
9
+1
17

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button