Cricket NewsEXCLUSIVE

Quinton de Kock සනත් ජයසුරියගේ වාර්තාවක් ආසන්නයටම පැමිණෙයි.!

පසුගිය දා ඉන්දීයාව සමග පැවැත්වුන තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ තෙවන තරගයේදි සිය 17 වන එක්දින ශතකය වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු Quinton de Kock සමත් වුනා.

එමෙන්ම එම ශතකය වාර්තා පොත් අතරට එක් වුයේ Quinton de Kock විසින් ඉන්දීයාවට එරෙහිව වාර්තා කරන ලද 6 වන එක්දින ශතකය ලෙසටයි.

කෙසේ නමුත් ඉන්දියාවට එරෙහිව වැඩිම එක්දින ශතක ලබා ගැනීමේ වාර්තාව තවමත් පවතින්නේ ශ්‍රී ලංකාවේ සනත් ජයසුරිය සතුව වන අතර සනත් ජයසුරිය ඉන්දියාවට එරෙහිව එක්දින ශතක 7 කට හිමිකම් කියනු ලබනවා.

සනත් ජයසුරිය ඉන්දීයාවට එක්දින ශතක 7 ලබා ගෙන ඇත්තේ තරග 89 කදී ඉනිම් 85 ක් ක්‍රීඩාකරමින් වන අතර Quinton de Kock ඉන්දීයාවට එරෙහිව සිය ශතක 6 වාර්තා කර ඇත්තේ තරග 16 කදී ඉනිම 16 කදී වීම විශේෂත්වයක් වනවා.

Quinton de Kockට අමතරව කුමාර් සංගක්කාර, රිකි පොන්ටින් ,ඒ බී ඩිවිලියර්ස් යන පිතිකරුවන් ඉන්දීයාවට එරෙහිව එක්දින ශතක 6 බැගින් ලබාගෙන තිබෙන අතර ක්‍රිකට් විචාරකයන් මත පල කරන්නේ සනත් ජයසුරියේ ශතක වාර්තාව නුදුරේදීම Quinton de Kock විසින් සිය නම ඉදිරියේ සටහන් කර ගනු ඇති බවයි.

South Africa’s Quinton de Kock plays a shot during the second one-day international (ODI) cricket match between South Africa and India at Boland Park in Paarl on January 21, 2022. (Photo by RODGER BOSCH / AFP) (Photo by RODGER BOSCH/AFP via Getty Images)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7