Cricket NewsEXCLUSIVE

World Giantsට එරෙහිව ආසියානු සිංහයන් නියෝජනය කරමින් සුපිරි පිතිකරු සනත් ජයසූරිය Legends පිටියට.!

අතීතයේ ක්‍රිකට් පිටිය රජ කර පසුව ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් ලොව වටා ප්‍රවීණ ක්‍රිකට් තරු සම්බන්ද කරගනිමින් පසුගිය වසරේ පැවති Road Safety World Series තරඟාවලායේ තවත් දිගුවක් ලෙස ඕමානයේ අල් අම්රත් කී‍්‍රඩාංගණයේදී මේ වන විට Legends League තරඟාවලිය පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසකගේ ද සහභාගීත්වයෙන් පැවැත්වෙන legends League තරගමාලාවේ World Giants, Asia Lions & India maharajas යනුවෙන් කණ්ඩායම් 3ක් ක්‍රීඩා කරනවා

මෙම කණ්ඩායම් අතරින් ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශකතාවේ බිහි වූ ස්වර්ණමය චරිත නියෝජනය කරනු ලබන්නේ Asia Lions කණ්ඩායමයි.

මේ අතර Legends League තරගාවලියේ Asia Lionsකණ්ඩායම සහ World Giants කණ්ඩායම අතර පැවැත්වෙන තරගය වෙනුවෙන් හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය Asia Lions කණ්ඩායමට එක්වන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මෙම වසර ආරම්භයේදීම දෙරණ මාධ්‍ය නාලිකාවේ පැවැති වැඩසටහනකට එක්වෙමින් සනත් ජයසූරිය ප්‍රකාශ කර සිටියේ තමන් ඒ වන විටත් Legends League තරගාවලිය ඉලක්ක කරමින් ඒ වන විටත් පුහුණුවීම් ආරම්භ කර තිබූ බවයි.

කෙසේ නමුත් ඉන් දින කිහිපයකට පසුව කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් සනත් ජයසූරිය හට Legend Leagueය නියෝජනය කිරීමේ වරම් අහිමි වනු ඇති බවට මත පළ වුවත් කොරෝනා සුව වී සතියක් යාමටත් මත්තෙන් සනත් ජයසූරිය ඕමානය බලා පිටත්ව ගියේ Legends Leagueයේ Asia Lions කණ්ඩායම නියෝජනය කිරීමේ අරමුණෙනි.

ඒ අනුව Asia Lionsකණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවෙන් බිහිවූ ක්‍රිකට් පුරාවෘත්තයක් බඳු සනත් ජයසූරිය Legends League තරඟ බිමට පිවිසීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button