Cricket NewsEXCLUSIVEWoman Cricket

ICC නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනූව චාමරී අතපත්තු පිතිකරණ අංශයෙන් පළමු දස දෙනා අතරට.!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන චාමරි අතපත්තු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

ඒ පසුගියදා අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ දැක්වූ දස්කම් හේතුවෙනි.

එම පොදු රාජ්‍ය මණ්ඩලීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී ඉතා ඉහල දස්කම් දැක්වීමට සමත් වූ චාමරි අතපත්තු තරඟාවලිය පුරාවට 55.25ක් වැනි ඉහළ සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත් වූයේ පිත්තෙන් ද ලකුණු 221ක් රැස්කරමිනි. චමරිගේ ප්‍රහාරාත්මක වේගයද 185.71ක ඉහළ අගයක් ලෙස සටහන්වී තිබුණා.

එම පොදු රාජ්‍ය මණ්ඩලීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් තරගය ලෙස බංගලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවති තරඟයේ දී ලකුණු 17කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූ චාමරි අතපත්තු පිතිකරණයෙන් ද සුවිශේෂී දායකත්වයක් සිය කණ්ඩායමට ලබාදෙමින් ලකුණු 48ක් රැස් කිරීමට සමත් වුණා.

එමෙන්ම මෙම තරඟාවලිය පුරාවට පිත්තෙන් සහ පන්දුවෙන් චාමරි අතපත්තු දැක්වූ දස්කම් හේතුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැති තරගාවලියේ “තරගාවලියේ වීරයා” සම්මානය ද චාමරි අතපත්තු හට හිමි වීම.

එම දස්කම් හේතුවෙන් ICC ය විසින් නිකුත් කරන ලද නවතම විස්සයි-20 කාන්තා පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 8 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙන අතර තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්හි ද ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්ව සිටිනවා.

01

02

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7