Cricket NewsEXCLUSIVE

පැතුම් නිස්සංක, ICC විස්සයි-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි 7වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙයි.!

අවසන් කාල සිමාවේ පැවති සියලු විස්සයි-20 තරඟාවලි හි සිය දස්කම් ස්ථාවරව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත් වුවා.

එම තරඟාවලිය පුරාවට විශිෂ්ට දස්කම් දැක්වූ පැතුම් නිස්සංක ස්ට්‍රේලියාවට එරෙහිව විදෙස් රටක ආරම්භක පිතිකරු විසින් එක් තරගාවලියකදී රැස් කරන ලද ඉහළම ලකුණු ලාභියා බවට පත්වීමටද සමත් වු අතර කලක පටන් ඉක්මනින් බිඳවැටෙන මුල්පෙළ ස්ථාවර කිරීමට සමත් වූ පැතුම් නිස්සංක පසුගිය විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කරනු ලබනවා.

මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අද දිනයේ යාවත්කාලීන කරන ලද නවතම පන්දුවාර විස්සයි-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත්වී තිබෙනවා.

අඛණ්ඩව පැතුම් දැක්වූ මෙම දස්කම් හේතුවෙන් මෙසේ ICC ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට පැතුම් නිශ්ශංක ට හැකියාව ලැබී තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීම් හි පලමු ස්ථානයේ පකිස්තානු නායක Babar Azam සිටින අතර එහි දෙවන ස්ථානයේ Aiden Markram සහ තෙවන ස්ථානයේ Mohammad Rizwan පිලිවෙලින්සිටිනවා.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7