Cricket NewsEXCLUSIVEIPL

අද පැවැත්වෙන IPL ක්‍රීඩක වෙන්දේසියේදී වනිදු හසරංගව ඉතා ඉහල මුදලකට රාජස්ථාන් රෝයල්ස් විසින් මිලදී ගැනීමට සුදානම් වෙයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය නව මුහුණුවරක් ගෙන තිබෙනවා.

ඒ මින් පෙර කණ්ඩායම් 8ක් පමණක් ක්‍රිඩා කරන ලද IPL තරඟාවලියට මෙවර නව කණ්ඩායම් 2ක් ද එක් වී මුළු කණ්ඩායමේ සංඛ්‍යාව 10ක් වීම හේතුවෙනි.

මෙවර IPL 2022 ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහා ක්‍රීඩකයින් 1,214 දෙනෙකු ලියාපදිංචි වී තිබු අතර ඉන් තෝරාගත් ක්‍රීඩකයන් 590 දෙනෙකු IPL මෙගා ඔක්ෂන් හෙවත් ක්‍රීඩක වෙන්දේසියට අද දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

එයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 21 දෙනෙකුද ඇතුලත් අතර 19 පහළ කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ සහ මතිෂ පතිරණ ද ඇතුලත්ව සිටිනවා.

මේ අතර එම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් වැඩිම අවධානයක් හිමි වූ ක්‍රීඩකය බවට පත්ව සිටින්නේ ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරන්ගයි.

පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ මෙන්ම ලොව වේගවත්ම ක්‍රිකට් තරඟාවලිය ලෙසින් හැඳින්වෙන T1ඔ තරඟාවලියේද වැඩිම කඩුලු ලාබියා බවට පත් වූ වනිදු හසරංග ජාත්‍යන්තර විචාරක දෑස් තමන් වෙත ආකර්ෂණය කර ගැනීමට මේ වන විට සමත්ව සිටිනවා.

මේ වන අවිට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්හි පන්දු යවන්න අතර ප්‍රථම ස්ථානයේ සිටින්නේද වනිදු හසරන්ගයි.

මේ අතර ඊයේ දිනයේදී ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනේ අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙන ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී වනිදු හසරන්ගව විශාල මුදලකට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලදී ගැනීමට නියමිතව තිබෙන බවයි.

රාජස්ථාන් කණ්ඩායමේ කළමනාකරු ලෙසින් කටයුතු කරනු ලබන්නේද ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාරය.

කෙසේ නමුත් මේ අතර ආකාශ් චොප්රා වැනි ප්‍රවීන විචාරකයන් සඳහන් කරන්නේ වනිදු හසරංග යනු තරඟයක් වෙනස් කල හැකි ක්‍රීඩකයකු බැවින් ඔහුව මිලදී ගැනීමට කණ්ඩායම් අතර දැඩි සටනක් නිර්මාණය වනු ඇති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7