Cricket NewsEXCLUSIVE

“Shot Off The Night” ලෙස ඕස්ට්‍රේලියානු විචාරකයන් හැඳින්වූ පැතුම් නිස්සංක, ස්ටාක්ට එල්ල කළ දැවැන්ත හයේ පහර.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය ආරම්භ කරමින් දෙරට අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ප්‍රථම තරඟය ලෙස අද මෙල්බර්න් හිදි පැවැත්වුනු තරඟයේන් ලකුණු 20ක ජයග්‍රහණයක් වාර්තා කරමින් තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුනා.

කෙසේ නමුත් මේ වනවිට පන්දුවාර විස්සයි-20 ලෝක ශූරයන් ලෙස කිරුළු පැළද සිටින ප්‍රබල ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අන්දමන්ද කිරීමට ශ්‍රී ලංකා පන්දු බලඇණිය සමත් වුනා.

එම ප්‍රභල පිතිකරණ බලඇණිය ඔවුන්ට සුපුරුසු ඕස්ට්‍රේලියානු තනතිරුවලදීම සිය ග්‍රහණයට නතු කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා.

ඊට කදිම සහයෝගයක් ලබා දුන් පන්දු රකින්නන් ඉතා විශිෂ්ට කාර්යභාරයක් අද තරගය තුළදී සිදු කරනු ලැබුවා.

කෙසේ නමුත් පිතිකරණයේදි ලකුණු 150 ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එය සාර්ථක කර ගැනීමට නොහැකි වුවා.

මේ අතර එහිදී පැතුම් නිස්සංක විසින් සුපිරි වේග පන්දු යවන ක්‍රිඩක මිචෙල් ස්ටාක් හට එල්ල කරන ලද දැවැන්ත හයේ පහරක් “Shot Of the Night” ලෙස නම් කිරීමට ඕස්ට්‍රේලියානු විචාරකයන් කටයුතු කල සිටියා.

සැබැවින්ම මනරම් දැවැන්ත හයේ පහරක් ලෙස පැතුම්ගේ පිත්තෙන් වාර්තා වූ එම පහර පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7