Cricket GossipEXCLUSIVE

රග්බි ලෝක ශුර නවසීලන්ත කණ්ඩායමේ Beauden Barrett සිය ප්‍රියතම ක්‍රිකට් ක්‍රිඩකයකු වන වනිඳු හසරංග ගැන තැබු සටහන.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය ආරම්භ කරමින් දෙරට අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ප්‍රථම තරඟය ලෙස අද මෙල්බර්න් හිදි පැවැත්වුනු තරඟයේන් ලකුණු 20ක ජයග්‍රහණයක් වාර්තා කරමින් තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අද සමත් වුනා.

කෙසේ නමුත් මේ වනවිට පන්දුවාර විස්සයි-20 ලෝක ශූරයන් ලෙස කිරුළු පැළද සිටින ප්‍රබල ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අන්දමන්ද කිරීමට ශ්‍රී ලංකා පන්දු බලඇණිය සමත් වුනා.

එම ප්‍රභල පිතිකරණ බලඇණිය ඔවුන්ට සුපුරුසු ඕස්ට්‍රේලියානු තනතිරුවලදීම සිය ග්‍රහණයට නතු කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා.

ඊට කදිම සහයෝගයක් ලබා දුන් පන්දු රකින්නන් ඉතා විශිෂ්ට කාර්යභාරයක් අද තරගය තුළදී සිදු කරනු ලැබුවා.

මෙම තරඟයේදි මේ වන විට ලෝක විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්හි අංක #01 ස්ථානයේ පසු වන වනිඳු හසරංග විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඕස්ට්‍රේලියානු මුල් පෙළ සුණු විසුණු කිරීමට සමත් වුනා.

නායක Aaron Finch, Glenn Maxwell සහ Stive Smithයන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රභල කඩුලු ත්‍රිත්වය බිඳ හෙළිමට වනිඳු සමත් වුනා.

වනිදුගේ මෙම දස්කම්පිළිබඳව ලොවම කතා කරන අවස්ථාවක අප අවධානය යොමු වුයේ ලෝක ශුර නවසීලන්ත රග්බි කණ්ඩායමේ ප්‍රධාන ක්‍රිඩකයකු වන Beauden Barrett තැබු සටහනකටයි.

ඔහු තැබු සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7