Cricket NewsEXCLUSIVE

රමේෂ් මෙන්ඩිස්ගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් දිනය ආරම්භයේදී ප්‍රභල තත්වයක සිටි කොදෙව්වන් එකා පිටු පස එකා දැවී යයි.!

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟාවලියේ තෙවන තරඟය අයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරඟය අද දිනයට ආරම්භ කරන විට වැඩි වාසි අත්කරගන සිටියේ සංචාරක කොදෙව් ක්‍රීඩකයන් වන අතර වුන් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 69ක් රැස් කරගෙන සිටියා.

එම රිද්මය දිගටම පවත්වා ගත් කඩුල්ලේ රැඳී සිටි කොදෙව් නායක Kraigg Brathwaite සහ Nkrumah Bonner අද දිනයේ බිඳවැටුණු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක් එක් කිරීමට සමත් වුනා.

අනතුරුව රමේෂ් මෙන්ඩිස් විසින් යොමු කරන ලද පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී Nkrumah Bonner ලකුණු 35කට දැවී ගියා. කොදෙව් නායක Kraigg Brathwaite ලකුණු 72ක් රැස් කරගෙන තිබු අවස්ථාවේ ලසිත් ඇඹුල්දෙනිය විසින් එවන ලද පන්දුවක් හමුවේ දැවී ගියා.

Shai Hope ද ලකුණු 22කකට දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් වූ අතර අනතුරුව පිටියට පිවිසි ක්‍රීඩකයන් අතුරින් Kyle Mayers පමණක් යම් තාක් දුරකට හෝ සාර්ථක ඉනිමක් දියත් කිරීමට සමත් වූ අතර ඔහු නොදැවී ලකුණු 36ක් රැස් කිරීමට සමත් වුනා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රමේෂ් මෙන්ඩිස් කොදෙව් ග්‍රහණයේ තිබූ තරගයේ පාලනය නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට විවර කිරීමට සමත් වූයේ කොදෙව් ඉනිම පුරාවට කඩුලු 6ක් දවා ගනිමිනි.

රමේශ්ගේ⁣ මෙම කඩුලු දවා ගැනීම වාර්තා අතරට එක් වූයේ රමේෂ් මෙන්ඩිස් විසින් ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ දවා ගත් පළමු කඩුලු 5 ලෙසටයි.

ඊට අනගි සහයක් ලබා දුන් ප්‍රවීන් ජයවික්‍රම කඩුලු දෙකක් දවා ගත් අතර ලසිත් ඇඹුල්දෙනිය ද කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා.

විශේෂත්වය වන්නේ මෙම පන්දුයවන්නන් තිදෙනාම දඟ පන්දු යවන්නන් වීමයි.

ඒ අනූව කොදෙව් පළමු ඉණිම ලකුණු 253කට සීමා වූ අතර ප්‍රථම ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම් රැස්කළේ ලකුණු 204 ට පිළිතුරු වශයෙන් කොදෙව්වන් ලකුණු 253 ක් රැස් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ට වඩා කොදෙව්වන් ලකුණු 49ක් ඉදිරියෙන් පසුවනවා.

ඒ අනුව ලකුණු 49ක් පිටුපසින් සිට ඉනිම ආරම්භ කරන ශ්‍රී ලංකා පිතිකරුවන් මේ වන විට සිය දෙවැනි ඉණිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණ සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button