Cricket NewsEXCLUSIVE

දිමුත් කරුණාරත්න ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට – විරාට් කෝලිවත් අභිබවා යාමට ආසන්නයි.!

වර්තමාන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරනු ලබන දිමුත් කරුණාරත්න අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමෙහි අංක 7 ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

මින් පෙර දිමුත් කරුණාරත්න රැඳී සිටියේ එම ශ්‍රේණිගත කිරීමේ 11ස් වන ස්ථානය වන අතර මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දැක්වූ දස්කම් හේතුවෙන් ඔහුට මෙම ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට හැකියාව ලැබී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු David Warner නවසීලන්ත පිතිකරු Tom Latham සහ පාකිස්තාන නායක Babar Azamව පසු කරමින් මෙලෙස දිමුත් කරුණාරත්න ඉදිරියට පැමිණීමට සමත් වූයේ ප්‍රසාද ලකුණු 772ක් රැස් කර ගනිමිනි.

ඉන්දීය නායක විරාත් කෝලි, දිමුත්ට වඩා එක් පියවරක් ඉදිරියෙන් සිටින්නේ ප්‍රසාද ලකුණු 3ක් ඉදිරියෙනි.

කෙසේ නමුත් මෙම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය එංගලන්ත නායක Joe root හට හිමිව තිබෙන අතර ඔහුගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 903ක්, එහි දෙවන ස්ථානය ඕස්ට්‍රේලියානු හිටපු නායක Steve smith හට හිමිව තිබෙන අතර තෙවන ස්ථානයේ පසුවන්නේ නවසීලන්ත නායක Kane Williamson ය.

මීට අමතරව ‍ශ්‍රි ලංකා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල 32වන ස්ථානයේ ධනංජයද සිල්වා 33 වන ස්ථානයේ රැඳී සිටින අතර දිනේෂ් චන්දිමාල් 46 වන ස්ථානයේ රැඳී සිටිනවා.

ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7