Cricket NewsDomestic CricketEXCLUSIVE

රන්දිකගේ සුපිරි ප්‍රහාරය හේතුවෙන් National Super Leagueයේ දඹුල්ල පැරදු ගාල්ලට තියුණු ජයක්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘National Super League’ එක්දින තරගාවලිය මේ වන විට පැවැත්වෙනවා.

එම තරඟාවලියේ පසුගිය දා ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත් වුනා.

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ලකුණු165ක් වාර්තා කිරීමට සමත් වුනා.

ඊට පිළිතුරු ලෙසින් ගාල්ල ක්‍රීඩකයන් කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 166ක් රැස් කරගත්තේ ඉනිමේ තවත් පන්දු 94ක් තිබිය දීයි.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කරගත් පිතිකරු වූයේ 19 හැවිරිදි පවන් රත්නායක යි.

ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් රැස් කරගත්තා.

ඔවුන්ගේ පළමු කඩුලු 5 ලකුණු 33ක් වන විට දවා ගැනීමට ප්‍රතිවාදී ගාලු ක්‍රීඩකයන් සමත් වුනා. අනතුරුව කඩුල්ලේ දී දුශාන් හේමන්ත හා එක් වූ පවන් හය වැනි කඩුල්ලට ලකුණු 47ක සබඳතාවක් එක් කළා.

දුශාන් හේමන්ත පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් වාර්තා කරගත්තා.

ප්‍රමුඛ පෙළේ පිතිකරුවන් අසරණ වන විට අවසන් කඩුල්ල සඳහා එක් වූ ලක්ෂාන් සඳකැන් සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු 58ක සබඳතාවක් එක් කළා.

එය ඉනිමේ හොඳම කඩුලු අතර සබඳතාව වූ අතර සඳකැන් පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ද, විශ්ව පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 14ක් ද වාර්තා කරගත්තා.

පන්දු යැවීමේ දී ආරම්භක පන්දු යවන්නන් වූ හේෂාන් හෙට්ටිආරච්චි සහ ධනංජය ලක්ෂාන් කඩුලු 3 බැගින් දවා ගත් අතර මුදිත ලක්ෂාන් කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 166ක හඹා යන ඉනිමේ දී ගාලු ක්‍රීඩකයන්ගේ පළමු කඩුලු 5 ලකුණු 72කට සීමා කිරීමට දඹුලු ක්‍රීඩකයන් සමත් වුනා. එහි දී කැපී පෙනෙන ඉනිමක නිතර වූ අශාන් රන්දික, පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 49ක් වාර්තා කරගත්තා.

එය මෙම තරගයේ පිතිකරු දක්ෂතා අතර ඉහළින්ම සටහන් වුනා.

ඊට අමතරව ධනංජය ලක්ෂාන් පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් ද, මුදිත ලක්ෂාන් පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 37ක් රැස් කරගනිමින් ද ගාලු කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් කළා.

පන්දු යැවීමේ දී ලහිරු සමරකෝන් ලකුණු 37කට කඩුලු 3ක් දවා ගත් අතර අශාන් ප්‍රියන්ජන් කඩුලු 2ක් බිඳ හෙලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button