Cricket NewsEXCLUSIVE

ක්‍රිකට් ලෝකයේ බිහි වූ විශිෂ්ටතම වමත් දඟ පන්දු යවන්නා “රංගන හේරත්” කොරෝනා පරාජය කර නැවතත් රාජකාරියට.!

පසුගිය කාලයේ කොරෝනා රෝගය වැළඳුන ශ්‍රී ලංකා හිටපු දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් දින 14ක නිරෝධායනයෙන් පසුව නැවතත් බංග්ලාදේශ කණ්ඩායම සමඟ එක්ව තිබෙන බව වාර්තා වනවා.

එම කාලසීමාව අවසන් කිරීමෙන් අනතුරුව නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙකට පෙර ඔහුට කණ්ඩායමට එක්වීමට බංගලාදේශ ක්‍රිකට් ආයතනය අවසර ලබා දී තිබෙනවා.

රංගන හේරත් නවසීලන්තයට පැමිණීමෙන් පසු කොරෝනා වයිරස ආසාදනය වී ඇති බව තහවුරු වු අතර ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලයෙන් සමන්විත ටෙස්ට් සංචිතයේ තවත් සාමාජිකයින් 8 දෙනෙකු ද නිරෝධායනයට ලක්කර තිබුණා.

ඒ මැලේසියාවේ සිට ඔවුන් සමඟ ගුවන් යානයේ පැමිණි අයෙකු කොරෝනා වයිරස ආසාදිත අයෙකු බව තහවුරු වීම නිසාවෙනි.

ඒ සම්භන්දව අදහස් දැක්වූ රංගන හේරත් මෙසේ පවසා සිටියා,

“වයිරසය ආසාදනය වීමෙන් අනතුරුව ස්වයං නිරොධායනයෙන් අද මාව නිදහස් කළා. දැන් මම කණ්ඩායම සමඟ නැවත එක්වුනා. ඉක්මනින් කණ්ඩායමට නැවත පැමිණීම ගැන සතුටුයි. ඒ වගේම මේ නිරෝධායනයේ සති දෙකක කාලය මට ඉතාමත් දුෂ්කර වුනා.

නමුත් නැවත කණ්ඩායමට පැමිණීම සහ තරග සංචාරයට සහභාගී වෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ අතරම බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට සහ නවසීලන්ත සෞඛ්‍ය සේවයට මම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් මාව හොඳින් බලා ගත්තා”,

බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ නිලධාරීන් රැසක් මෙලෙස නිරෝධායනයට යොමුකිරීම නිසා පුහුණු සැසි ද අතරමඟ නවතා දැමීමට සිදු වී තිබු අතර ක්‍රීඩකයින් පසුව දීර්ඝ නිරෝධායනයට යොමු කිරීම තරගාවලිය ඉදිරියට යෑම පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතු වී තිබුනා.

කෙසේ වෙතත් පසුගිය දෙසැම්බර් 21 වැනි දින සංචාරක බංග්ලාදේශ කණ්ඩායමේ සියලුම සාමාජිකයින් හට සිදු කළ කොරෝනා පරීක්ෂණවලින් ඔවුන්ට වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබු අතර ක්‍රීඩකයින්ට නැවත පුහුණුවීම් ආරම්භ කිරීමට අවසර ලබා දී තිබුනා.

නවසීලන්ත තරගාවලිය සඳහා සිදු කරන අවසන් අදියරේ පුහුණු සැසි සඳහා සහභාගි වීමට බංග්ලාදේශය මේ වන විට Tauranga හි රැඳී සිටින අතර නිරෝධායනය හේතුවෙන් ඔවුන්ට දෙසැම්බර් 22 සහ 23 දිනවල පැවැත්වීමට නියමිතව තිබූ දෙදින පුහුණු තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වූවා.

නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ජනවාරි 1 වැනිදා Tauranga Bay Oval ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට ද නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button