Cricket NewsEXCLUSIVEUnder-19

රනුද සෝමරත්නගේ විශිෂ්ඨ ශතකය මතින් එංගලන්ත යොවුන් කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට කඩුලු 3ක ජයක්.!

රවින් ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පසුගිය දා එංගලන්තය බලා පිටත්ව ගියේ එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැත්වෙන තරඟ 5කින් සමන්විත තුන් දින ටෙස්ට් තරඟාවලියක් වෙනුවෙනි.

තරඟ 5කින් සමන්විත මෙම ටෙස්ට් තරඟාවලිය අරඹමින් පැවති පළමු යොවුන් ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කර ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත යොවුන් කණ්ඩායම ලකුණු 387ක ලකුණු පුවරුවක් ගොඩ නැගු අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 407ක් සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කිරීමට සමත් වුයේ ක්‍රිකට් උපන් දේශයේ අනාගතය වන යොවුන් ක්‍රීඩකයන් අන්ද මන්ද කරමිනි.

අනතුරුව එංගලන්ත දෙවන ඉනිම ලකුණු 292 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු බලඇණිය සමත් වූ අතර ඒ අනුව් තරඟයේ ජයග්‍රහණය සඳහා පන්දුවාර 59ක් තුල ලකුණු 273ක් රැස් කිරීමේ සටන්කාමී ඉලක්කයක් හිමි වුනා.

මෙම දැවැන්ත ඉලක්කය හඹා යමින් සිටියදී ශ්‍රී ලංකා යොවුන් ලකුණු පුවරුව වරක සටහන් වූයේ පන්දුවාර 29ක් අවසානයේ ලකුණු 98 ට කඩුලු 5ක් ලෙසයි. කෙසේ නමුත් තරඟය නැවත ශ්‍රී ලංකාව දෙසට හරවමින්, රනුද සෝමරත්න හා එක්වූ කඩුලු රකින ක්‍රීඩක ළහිරු දවටගේ වේගවත් ලකුණු 89ක් හයවන කඩුල්ල වෙනුවෙන් එක් කිරීමට සමත් වුනා.

සියලු වගකීම් සිය දෑත මතට ගත් රනුද සෝමරත්න පිත්තෙන් සුපිරි දස්කම් දක්වමින් මුල් ඉනිමේදී ලකුණු 65 ක් සහ දෙවෙනි ඉනිමේදී පන්දු 115කින් නොදැවී ලකුණු 120ක් ලබමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා බවට පත් වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක දුවිඳු රණතුංග ඉනිම් දෙකේදීම කඩුලු 7 ක් සහ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක වනුජ සහන් කඩුලු 6 ක් බිඳ හෙලීමට සමත් වුනා.

තරඟයේ කෙටි ලකුණු පුවරුව පහතින්

එංගලන්ත පළමු ඉනිම – 387/10
ශ්‍රී ලංකා පළමු ඉනිම – 407/10
එංගලන්ත දෙවන ඉනිම – 292/10
ශ්‍රී ලංකා දෙවන ඉනිම – 276/7

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7