Cricket NewsEXCLUSIVETrending Article

ඉන්දියානු ක්‍රිකට් වංශකතාවේ මීලඟ ස්වර්ණමය පරිච්ඡේදය සිය පිත්තෙන් ලිවීමට සැරසෙන – “Shubman Gill”

ඉන්දියානු කණ්ඩායම තුල ශුබ්මන් ගිල් හට පැවරුණු නිත්‍ය භූමිකාවක් නැති නමුත් ගිල් යනු මෑත කාලයේ ඉන්දිය නව පරම්පරාවේ බිහිවූ ක්‍රීඩකයින් අතුරින් ඉහළම තාක්ෂණයකින් යුත් පිතිකරුවෙකි. එමෙන්ම ගිල් හට ඕනෑම පිතිකරණ ස්ථානයක පිතිකරණයේ යෙදීමට ඇති හැකියාව (විශේෂයෙන්ම ආරම්භක පිතිකරුවෙක් හා නොම්බර 3 පිතිකරුවෙකු ලෙස) ගිල්ගේ වටිනාකම තවත් ඔපදමන්නක් විය.

ගිල් ක්‍රීඩා කල 19 න් පහළ ලෝක කුසලාන තරඟාවලියේදී ලබාගත් ශතකය නොම්මර තුන පිතිකරුවෙකු ලෙසින් ක්‍රීඩා කරමින් ලබාගන්නට සමත් වූවා. ඒ එවකට ඉන්දීය ඉනිම ආරම්භ කරන්නට පැවරුණේ මන්ජෝට් කල්රා ට හා නායක ප්‍රිත්වි ශෝ ට වීම හේතුවෙනි.

අවසන් මහා තරඟයේදී මන්ජෝට් නොදැවී රැස් කල ශතකය ඉන්දීය තේරීම් කමිටුවේ අවධානය මන්ජෝට් වෙත යොමු කරගන්නට සමත් වූවා. ඔහුට අමතරව ගිල් හා ශෝ ද එම ලෝකශූර ඉන්දීය කණ්ඩායමෙන් ජාතික කණ්ඩායමට එන්නට මාන බලන මීලඟ විශේෂඥ පිතිකරුවන් අතර විය.

ගිල්ට පෙර ඔහුගේ සමකාලීනයෙකු වූ ප්‍රිත්වි ශෝ ජාත්‍යන්තර වරම් දිනාගත් නමුත් ගිල් පසුකාලීනව ටෙස්ට් හා එක්දින ආකෘති තුල වඩාත් ස්ථාවර විය. තවමත් මුල් දිනවල පසුවන ඔහුගේ කෙටි එක්දින ක්‍රිකට් දිවිය තුල ගිල් දක්වන්නේ සුහුරු බවක්.

ගිල් මීට වසර 2 ට පෙර ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව ටෙස්ට් වරම් දිනාගනිද්දී ඔහුගේ භූමිකාව වූයේ ආරම්භක පිතිකරුවෙකු ලෙසින් කටයුතු කිරීමය. එහිදී ගිල්ට සනාත කර පෙන්වීමට කරුණු දෙකක් විය. ඔස්ට්‍රේලියානු තණතීරු තුල ප්‍රභල ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන්ට එරෙහිව ගිල්ගේ ඉනිම කාගෙත් පැසසුමට ලක්විය.

පළමු ඉනිමේදී ලකුණු 45 ක් හා දෙවනි ඉනිමේ නොදැවුණු ලකුණු 35 ක් ගිල්ගේ නම ඉදිරියේ සටහන් විය. ඔහු තම මංගල ටෙස්ට් තරඟාවලිය හමාර කරේ ලකුණු 51 ක සාමාන්‍යක් රඳවාගනිමින් ඔහු තම හොඳම පෞද්ගලික ඉනිම බ්‍රිස්බේන් හිදී රැස් කල අතර ඒ ලකුණු 91 ක්

නමුත් පළමු තරඟාවලිය හැරුණු කොට ඔහු ක්‍රීඩා කල සෙසු ටෙස්ට් තරඟාවලි හතර තුලදී පෙරමෙන් ඔහුට නිරන්තරයෙන් ලකුණු අතරට පිවිසෙන්නර අවකාශය නොලැබීම කාගෙත් අවධානයට ලක්වූ කරුණක් විය. ඔහු අවසන් වරට ටෙස්ට් තරඟයක් සඳහා සහභාගී වූයේ ඉකුත් ජූලි මාසයේදී එජ්බැස්ටන් හිදී එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි.

තරඟ 11 කදී අර්ධ ශතක 4 ක් සමඟින් ලකුණු 579 ක් රැස්කරගෙන තිබේ.අවසන් ටෙස්ට් තරඟ කිහිපය තුලදී එතරම් ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ නිසා ගිල්ගේ සාමාන්‍ය 30 ක් දක්වා පහත වැටී තිබුණි.

2019 වසරේදී සෙඩ්න් පාක් හිදී නවසීලන්තයට එරෙහිව ගිල් එක්දින ජාත්‍යන්තර වරම් හිමිකරගත්තේය. මංගල තරඟයේ ලකුණු 9 ක් දෙවන තරඟයේ ලකුණු 11 ක් හා තෙවන තරඟයේදී ලකුණු 33 ක් රැස් කල ගිල් හට වසර 2 කට ආසන්නට කාලයක් පුරාවට ක්‍රීඩාකිරීමට හැකියාව ලැබුණේ තරඟ තුනක් පමණයි.

මෙම කරුණ ඉන්දීය ක්‍රීඩකයෙකුට ලකුණු අතර සිටීම කෙතරම් වැදගත් දැයි පෙන්නුම් කරන ප්‍රධානතම සාධයක්.යම් අවස්ථාවකදී ඉන්දීය කණ්ඩායමෙන් ඉවතට ගියහොත් යලිත් කණ්ඩායමට පිවිසීම අපහසු කරුණක්. ඊට හොඳම උදාහරණය කරුන් නයර්.

ගිල් මේ වසරේ ජූනි මාසයේදී කොදෙව්වන්ට එරෙහිව ජාත්‍යන්තර පිටියට පිවිසේන්නේ වසර දෙකකට පසුවයි. පළමු තරඟයේදී ගිල් ලකුණු 66 ක් රැස් කිරීමට සමත් වූ අතර ගිල් එම තරඟාවලිය අවසන් කරන්නේ ලකුණු 205 ක් රැස් කරමින්.

මෙම තරඟාවලියේදී ගිල් ආරම්භක පිතිකරුවෙකු ලෙස තමන් තුල ඇති නිපුණත්වය පෙන්නුම් කරන්නට සමත් විය.වසර කිහිපයක සාර්ථක අයිපීඑල් තරඟාවලි කිහිපයකින් ගිල් ලබාගත් පන්නරය ඊට හේතුව බව නොරහසක්.

ඉන් අනතුව ගිල් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පසු ගියදා නිමාවූ එක්දින තරඟාවලියට සාර්ථක අන්දමින් පිවිසුනේය.පළමු තරඟයේදී ආරම්භක පිතිකරුවෙකු ලෙසින් ක්‍රීඩා කරමින් ඔහු නොදැවී ලකුණු 82 ක් රැස් කරන්නට සමත් වූ අතර දෙවන තරඟයේදී ගිල්ගේ දක්ෂතාවය ලකුණු 33 ක්.

තෙවැනි තරඟයේදී ඔහු නොම්බර තුන පිතිකරුවෙකු ලෙසින් ඉන්දීය කණ්ඩායමට තම දායකත්වය දැක්විය.එහ්දී ඔහු තම මංගල ශතකය රැස් කල අතර පන්දු 97 කදී ලකුණු 130 ක් රැස් කලේය.

එම තරඟාවලිය අවසන් වන විට ගිල් තමන්ට පිතිකරණ ලැයිස්තුවේ ඕනෑම ස්ථානයක ස්ථාවර විය හැකි මෙන්ම අනුවර්ථනය වීමේ හැකියාවද ගිල් පෙන්නුම් කලේය.

මේ වසරේදී ඔහු දෙවරක් තරඟයේ වීරයා සම්මානයද කොදෙව්වන්ට හා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව දෙවරක් තරඟාවලියේ වීරයාද විය. ගිල් තම දෙවන ආගමනය එසේ සටහන් කරද්දී ගිල් සචින් මෙන් ඕනෑම ස්ථානයක පිතිකරණයේ යෙදීමේ රුසියෙකු බව පෙන්නුම් කලේය. ආරම්භක පිතිකරුවෙකු ලෙසින් එක්දින තරඟ තුලදී ඔහුගේ සාමාන්‍ය 106 ක් වන අතර නොම්බර තුන පිතිකරුවෙකු ලෙසින් ඔහු ලකුණු 44 ක සාමාන්‍යක් රඳවා ගැනීමට සමත්ව තිබේ.

තවමත් තරඟ එක්දින 9 කට හා ටෙස්ට් තරඟ 11 කට පමණක් ක්‍රීඩා කර ඇති ගිල් ඉන්දීය ක්‍රිකට් වංශකතාවේ මීලඟ ස්වර්ණමය පරිච්ඡේදය ලිවීම සිදු කරනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7