Cricket NewsEXCLUSIVEInternational

පරාජයෙන් නම් අඳුරු වළාකුලෙහි පන්නරය ලබා ජයග්‍රහණයේ රිදී රේඛාව සොයා යන ඔවුන් හට මෙවර තරඟාවලිය අස්වැසිල්ලක් වේවි ! – ක්‍රිකට් ‍රසිකයකු තැබු අපූරු සටහන

Sri Lanka Need 155 to Win | Live AUS vs SL 5th T20I Score Updates | Maxwell | Finch| Mendis | Australia vs Sri Lanka | Sony SIX | SonyLiv |

ප්‍රශංසනීය වූ ගමනාන්තයක් සොයා ඇදෙන යොවුන් කණ්ඩායමකට කලකට අමතක නොවන අත්දැකීමක් මෙන්ම අභියෝගයක්ද වූ ඔස්ට්‍රේලියානු සංචාරය තුලදී කැපීපෙනෙන ධනාත්මක දෑ බොහෝමයක් නවක කණ්ඩායමක් තුලින් දක්නට ලැබීම විශිෂ්ඨය.

ලබන බ්‍රහස්පතින්දා ඉන්දියාව සමඟින් ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලියට එක් කර ගත හැකි සුභවාදී බොහෝ දෑ මෙම තරඟාවලියේදී පෙන්නුම් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.දත්තමය වශයෙන් ගත්කල සංඛ්‍යාත්මකවද ගුණාත්මකවද බොහෝ ක්‍රීඩකයින් පරිණත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කලහ.

ලහිරු කුමාර හට අවසන් තරඟ දෙක ක්‍රීඩා කරන්නට අවකාශය ලැබුනේ බිනුර ප්‍රනාන්දු හට කොවිඩ් ආසාධනය වීම හා නුවන් තුෂාර ආබාධයට ලක්වීම නිසාය.ඕනෑම අයෙකු දකින කෝණයෙන් දකින කල එය පිනට ලැබීමකි . නමුත් ලහිරු සියල්ල අකාමකා දැමුවේ නිමාවූ තරඟ දෙකේදී කඩුලු 4 ක් බිඳ හෙලමිනි.එහිදී ලහිරු පන්දුවාරයකට ලබා දුන් ලකුණු සාමාන්‍ය සටහන් වූයේ ලකුණු 7 ක් ලෙසටය.

පළමු තරඟයේදී බිනුර ප්‍රනාන්දු ලකුණු 12 කට කඩුලු 2 ක් බිඳ දැමුවේ ඔහුගේ පන්දුවාර 4 ක් තුලදීය.ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා වන දුශ්මන්ත චමීර මෙවර තරඟාවලිය පුරාවට කඩුලු 7 ක් බිඳ හෙළූ අතර තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාත්න ද මෙවර තරඟාවලියේදී සිය පන්දුයැවීමෙන් විශාල පෙරලියක් සිදු කලේය.

සමස්තයක් වශයෙන් ගත්කල සාර්ථක වේගපන්දු බලඇණියක් මෙවර තරඟාවලියේදී වතමන් ලෝක ශූරයන්ට අභියෝගයක් විය.මේ පසුපස නිහඬව සිටි පතාක යෝධයෙක් විය,ඔහු ලසිත් මාලිංගය ඔහුගේ අත්දැකීම් සමඟින් මේ තරුණ වේගපන්දු යවන්නන් දිනෙන් දින පෝෂණය වන ආකාරය දැකීම සතුටු දායක මුත් එය අදින් අවසන් වූ බව හිතට විශාල දුකක් ගෙන දෙන කරුණකි.

සමස්තයක් වශයෙන් ගත්කල වේගපන්දු යවන්නන්ට ඔබින තණතීරු තුල ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් සිදුකලේ වික්‍රමයකි.වනිඳු මහීෂ් හා ප්‍රවීන් තමන් ලද අවස්ථාවෙන් විශාල වැඩ කොටසක් සිදු කලේය.මහීෂ් තරඟයේ ඕනෑම අවස්ථාවක පන්දු යැවීමට භාවිතයට ගැනීමට හැකියාවක් ඇති බව මෙ තරඟාවලියේදී ඔහු මනාව පෙන්නුම් කලේය.නවපන්දුවෙන් දඟපන්දු යවන්නන් හට ග්‍රහණය කරගැනීම අපහසු නමුත් මහීෂ් එය මැනැවින් ඉටුකලේය.

මෙවර තරඟාවලියේදී ඔහුගේ නම ඉදිරියේ කඩුලු 5 ක් ලියැවුණු අතර ඔහු පෙර තරඟ වලට සාපේක්ෂව හොඳ පාලනයක් සහිතව පන්දු යවන ආකාරයක් දක්නට තිබුනි.ප්‍රවීන් ජයවික්‍රමද හොඳ පාලනයක් සහිතව පන්දු යැවීම සිදුකල අතර ඔහුගේ ආගමනයත් සමඟ කණ්ඩායම මනාව සමබර විය.මීලඟ තරඟාවලිය ඉන්දියාවේය . ඉන්දියාවේදී ඉන්දියාවට අභියෝග කරන්නට නම් හොඳ දඟපන්දු බලඇණියක් සකසා ගත යුතුය.

වනිඳු හා මහීෂ් තමන්ගේ ස්ථානය වෙන්කර ගෙන අවසන්ය. සිදුවිය යුත්තේ තෙවැනි විකල්පය සොයා යෑමය. ඒ සඳහා ඕනෑතරම් දක්ෂ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා සංචිතය තුල සිටින බව ලද අවස්ථාවෙන් දස්කම් දක්වන ක්‍රීඩකයින් පෙන්නුම් කලේය.

පිතිකරුවන් කිහිපදෙනෙකු හොඳින් ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් හට හොඳින් පහර දුන් ආකාරය දක්නට ලැබිණි.ඉවසිලිමත් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් ඔවුන් තරඟාවලිය පුරාවට පෙන්නුම් කල අතර ස්ථාවර විමට නොහැකි වීම මත ජයක් සඳහා තරඟ හතරක් පරාජය වන්නට ඔවුන්ට සිදුවිය.මෙවර තරඟාවලියට ඔවුන් පැමිණෙන විට විස්සයි විස්ස තරඟ 15 කට වඩා ක්‍රීඩ කර තිබුණු ක්‍රීඩකයින්ගෙන් සාර්ථක වීමට හැකිවූයේ කුසල් මෙන්ඩිස්ට හා දසුන් ශානකට පමණි.පැතුම් නිස්සංකගේ ඉනිම් කිහිපයක්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ගෞරවාන්විත ලකුණු පුවරු කරා යන්නට නැංගුරම් විය.මෙහිදී නිස්සංකගේ ඉනිම් සේම ආරම්භක පිතිකරුවෙකු ලෙස පැමිණ කුසල් මෙන්ඩිස් තරඟයේ අවසානය දක්වා කැඳවාගෙන ගිය ඉනිම අමතක නොකල යුතුය.කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවෙකු ලෙස මේ දක්වා අර්ධ ශතක 6 ක් තම නම ඉදිරියේ ලියාගෙන ඇත.අර්ධ ශතක 5 ක් ආසියාවේදී හා ආසියාවෙන් පිටතදී එක් අර්ධ ශතකයක් ද ඔහු වාර්ථා කලේ ඉනිම් 14 ක් පමණක් ක්‍රීඩා කරමිනි.ඉදිරි ඉන්දීය තරඟාවලියේදී ඔහුව කුමන ස්ථානයක පිතිකරණයේ යොදවනවාද යන්න තීරණය කිරීමම තරඟාවලියට වඩා සාධාරණයක් ඉටු කරනු ඇත.

නායකත්වය පමණක් කණ්ඩායමේ රැඳීමට සාධකයක් කරගත්තා යැයි හංවඩු ගැසූ ශානක හොඳ ඉනිම් කිහිපයක්ම දියත් කලේය.දසුන්ගේ දේශීය පිටියේ පිතිකරණයම නොවූවද දසුන්ගේ ඉනිම් කිහිපයක්ම ජයග්‍රහණය සඳහා අඩිතාලම දමන්නට විය.

විශාල ලකුණු කරා යෑමේදී නිලකුණු පන්දු වැඩි වශයෙන් වාර්ථා වීම අවම කරගත යුතුය නමුත් මෙවර තරඟාවලියේදී එය සිදු නොවූ අතර මැදපෙල ප්‍රහාරක පිතිකරුවන් අවම වීම හේතුවෙන් එය මගහරවා ගැනීම අතිරේක වාසියක් යැයි සිතමි.ඊට හේතුව නම් එවිට දල ලකුණු වේගය වැඩි කිරීමට ඔවුන් හට අනවශ්‍ය පහරවල් කරා යෑමට අවශ්‍ය නොවීමය.මේ තත්වය වඩාත් තමන් හට හුරු ආසියාකරයේදී යම්තාක් දුරට මගහැරෙනු ඇතැයි අපේක්ෂා කිරීමට පුළුවනි.

එලඹෙන ඉන්දීය සංචාරය තුලදී තරඟාවලිය ජයගන්නාවද යන්න පිළිබඳව බලාපොරොත්තු දල්වාගන්නට නම් විශාල වැඩ කොටසක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට කිරීමට සිදුවනු ඇත ඊට හේතුව වනුයේ තමන්ගේ මව් රට තුලදී ඉන්දියාව වඩාත් ප්‍රභල රටක් වීමය.විරාට් කෝලි හා රිෂාභ් පාන්ට් විවේක ගන්වා තිබීම යම් අස්වැසිල්ලක් වන මුත් ඔවුන්ගේ ආදේශකයින් ද ඕනෑම විටක තරඟ කණපිට හැරවීමට හැකියාවක් සහිත ක්‍රීඩකයින් ය.

Mendis seals thrilling win as Sri Lanka avoid whitewash – The Island

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7