Cricket NewsEXCLUSIVE

“රවිචන්ද්‍රන් අශ්වින්ට මුත්තයියා මුරලිදරන්ගේ වාර්ථාව බිඳ දමන්න පුළුවන්” – RCB පුහුණුකරු Sanjay Bangar කියයි.!

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමේ පිතිකරණ උපදේශකයෙක් වන සංජේ බංගාර් පවසා සිටියේ රවීචන්ද්‍රන් අශ්වින් විසින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් වැඩිම කඩුලු ලාභියා වන ශ්‍රී ලංකා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් අභිබවා යන බවය.

සිය 11 වසරක ටෙස්ට් දිවිය තුළ දැනටමත් කඩුලු 420 කට වඩා ලබාගෙන ඇති අතර මෑතකදී 35 වන වියට පා තැබූ ඔහු අතර නවසීලන්තයට එරෙහිව තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේදී මේ වසරේදී කඩුලු 50 ක් දවාගත් ප්‍රථම ක්‍රීඩකයා බවට පවත් විය . ඉදිරි වසර කිහිපය තුළ ඔහුට සිය ශරීර යෝග්‍යතාව හොඳින් පවත්වාගන්නට හැකි වුවහොත් මුරලිදරන්ගේ කඩුලු සංඛ්‍යාව අභිබවා යාමට අශ්වින්ට ස හැකියාව ඇති බව බංගාර් පවසා සිටියේය.

ස්ටාර් ස්පෝර්ට්ස් වෙත තවදුරටත් අදහස් දක්වමින් බංගර් කියා සිටියේ “ඔහු දිගු කලක් ශාරීරික යෝග්‍යතාවයෙන් සිටියහොත් ඔහුට මුරලිදරන්ගේ වාර්තාවට අභියෝග කළ හැකිය, මන්ද මුත්තයියා මුරලිදරන් විසින්ම පවසා ඇත්තේ ඔහුගේ වාර්තාව යමෙකුට බිඳ දැමිය හැකි නම් ඒ රවිචන්ද්‍රන් අශ්වින් බවයි,” යනුවෙනි

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button