Cricket NewsEXCLUSIVELPL

“Kandy Warriors” හි ප්‍රභලම විදෙස් ක්‍රිඩකයන් දෙදෙනා LPL අතහැර නැවතත් සිය රට බලා පිටත් වෙයි – “Kandy කණ්ඩායම” දැඩි අසීරුතාවයක.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගමාලාව මේ වෙනවිට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.

මේ අතර මෙවර තරඟාවලියේ ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් තරඟ කරන Kandy Warriors කන්ඩායමේ ප්‍රබල විදෙස් ක්‍රීඩකයෙකු වන රොව්මන් පවෙල් සහ ඩෙවෝන් තෝමස් අද අළුයම ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙවර ලංකා ප්‍රිමියර් ලීග් හි ඔවුන් ක්‍රීඩාකරන ලද අවසන් තරඟය ඊයේ Jaffna Kings සමග පැවැත්වුනු තරඟයයි.

එමෙන්න එම තරඟයේ අතිවිශිෂ්ට පිතිකරණයක් සමගින් පන්දු 19කින් ලකුණු 61ක් රැස් කිරීමට Rovman Powell සමත්වුයේ ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දෙවන වේගවත්ම අර්ධ ශතකයද වාර්තා කරමිනි.

කොදෙවි නායක කිරන් පොලාඩ් ආබාධයකට ලක්ව ඇති අතර ඒ අනූව කිරන් පොලාඩ්ගේ ස්ථානයට Rovman Powell ව නම් කිරීමට කොදෙව් ක්‍රිකට් බලධාරින් තීරණය කර තිබෙනවා. එමෙන්ම එම සංචිතයට Devon Thomasවද කැඳවා තිබෙනවා.

ඒ හේතුවෙනුයි Rovman Powell සහ Devon Thomas අද අලුයම ශ්‍රී ලංකාවෙන් පකිස්ථානය බලා පිටත්ව ගොස් ඇත්තේ එහිදී කොදෙව් කණ්ඩායම හා එක් වීමේ බලාපොරොත්තුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button