Cricket NewsEXCLUSIVEInternational

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අභ්‍යන්තර අර්බුදය උග්‍ර අතට – විරාට් කෝලි නායකත්වයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරයි, ඉවත් කල හොත් ක්‍රිඩාවෙන් සමුගන්නා බව කියයි.!

පසුගිය කාලසීමාවේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තුල ප්‍රබල පෙරළියක් සිදු වූ බව ක්‍රිකට් ලෝකයේ සියලු දෙනාම දන්නා කරුණක්.

ඉන් වඩාත්ම අවධානයට ලක් වූ කාරණය වූයේ අවසන් වූ විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සිට එතෙක් ඉන්දීය කණ්ඩායමේ විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා බවට පත්ව සිටි විරාට් කෝලි නායකත්වයෙන් ඉවත් වී නායකත්වය රෝහිත් ශර්මාහට හිමි වීමයි.

අනතුරුව අද දිනයේ දී ඉන්දීය මාධ්‍ය තවත් අපූරු පුවතක් වාර්තා කර සිටියා.

ඒ ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ද විරාට් කෝලි ව ඉවත් කර ඇති බවයි.

වැඩි දුරටත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරන ආකාරයට විරාත් කෝලිට එක්දින නායකත්වයෙන් ඉල්ලා අස්වීම සඳහා පැය 48 ක කාලයක් ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් ලබා දී තිබෙනවා, කෙසේ නමුත් විරාට් කෝලි එය ප්‍රතික්ෂේප කර තිබෙන අතර එක්දින නායකත්වයෙන් ඉල්ලා අස්වීමක් සිදු කළේ නැහැ.

ඒ අනුව ඔහුට ලබා දුන් පැය 48 ක් ගෙවී ගොස් 49 වැනි පැයේ දීම ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් විරාට් කෝලිව ඉවත් කර නව ඉන්දීය එක්දින නායකයා ලෙස රෝහිත් ශර්මාව පත් කරනු ලැබුවා.

කෙසේ නමුත් විරාට් කෝලි ඉන්දීය නායකත්වයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කර තිබෙන බවද එසේ වුවහොත් ක්‍රිඩාවෙන් තමන් විශ්‍රාම ගන්නා බවට කෝලි ප්‍රකාශ කර තිබෙන බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටිනවා.

ඒ හේතුවෙන් මේ වන විට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තුළ අභ්‍යන්තර අර්බුදයක් ද හටගෙන තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඉන්දීය එක්දින කණ්ඩායමේ නව නායකත්වය හිමි වුයේ විස්සයි විස්ස නායකත්වයද දරනු ලබන රෝහිත් ශර්මා හට වන අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම භාරව ඇති රෝහිත් ශර්මා එහිදී ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතා පහක් සිය නායකත්වය යටතේ ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7