Cricket NewsEXCLUSIVEUnder-19

“මේ වනිඳු හසරංග නෙමෙයි මේ රවීන් ද සිල්වා” – “තරඟාවලියේ පන්දුව” ලෙස විචාරකයන් හැඳින්වූ රවීන්ගෙ සුපිරි පන්දුව.!

වයස 19 පහළ ලෝක කුසලාන එක්දින තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා.

එම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය මේ වට විට අවසන් වී ඇති අතර දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පසුගියදා අර්ධ අවසන් පූර්ව වටයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව ලැබූ ලකුණු 4ක පරාජයත් සමඟ ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමිව ගියා.

කෙසේ නමුත් ⁣ලෝක කුසලානයේ 5වන ස්ථානය සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයෙ දකුණු අප්‍රිකාවට එරෙහිව පිටියට පිවිසි අතර එම තරඟයෙන් ලකුණු 65 ජයක් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.

එම තරඟයේදි ශ්‍රී ලංකාව වෙනුවෙන් 32වන පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද රවීන් සිල්වා ඒ වන විට පිටියේ ක්‍රිඩා කරමින් සිටි දකුණු අප්‍රිකානු ක්‍රිඩක Copeland හට යොමු කරන ලද පන්දුව ක්‍රිකට් ලෝකයේ දැඩි කතා බහක් ඇති කරවීමට සමත්ව සිටිනවා.

ඒ අවස්ථාවේ පිතිකරණයේ යෙදී සිටි Copeland අන්ද මන්ද කරමින් ඔහුගේ පිත්ත අභිබවා ගිය පන්දුව කඩුල්ලෙ වැදෙන්නෙ ඔහු දැවීගිය ක්‍රිඩකයකු බවට පත් කරමිනි.

ඒ අවස්ථාවේ විස්තර විචාරකයා ප්‍රකාශ කර සිටින්නේ මේ වනිදු හසරංග නොවේ මේ රවීන් ද සිල්වා බවත් මෙය තරඟාවලියේ විශිෂ්ටතම පන්දුව බවත්ය.

එම පන්දු යැවීමේ වීඩියොව පහතින් නරඹන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7