EXCLUSIVETrending ArticleUnder-19

“ගිලෙන්නට ගිය සිංහ නෞකාව සැඩ සුළි කුණාටුවෙන් බේරාගත් කපිතාන් ඔහුය” – ක්‍රිකට් රසිකයකු දුනිත් වෙල්ලාලගේ ගැන තැබූ සටහන.!

තරු දහසක් මැද දිලෙනා පුන් සඳ නුඹම විය.

මෙය පෙම් හසුනක් කියවීමේ හෝරාවක් දැයි ඔබට සිතනු ඇත.
ඔබ නිවැරදි ය. මෙයත් පෙම් හසුනකි. නමුදු වෙනදා මෙන් නොව අප ඇට මස් ලේ නහර වලටම බද්ධ වූ උන්මාදශීලී ක්‍රිකට් පෙම් කතාවේ සොදුරු හසුනක් ය.

ඒ අන් කවරෙකු නොව දුනිත් වෙල්ලාලගේ නම් පෑයූ සුපුන් සඳ ය.

වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන අවසන් වන විට ශ්‍රි ලාංකීය ක්‍රිකට් මාතාවට කාලයෙන් කාලයට නොයෙකුත් තරු පෑයුවේ ය.

ඒ පෑයූ තරු අතරින් වයස අවුරුදු 19න් පහල ලෝක කුසලානයෙන් පසු ” නුඹ ජාතික කන්ඩායමට ක්‍රීඩා කරන්නට සුදුස්සෙක් ” යන ලේබලය ඇලවීමට හැකි ක්‍රීඩකයින් මේ මහ පොළොවෙන් බිහි වූයේ ඉතා සීමිත ප්‍රමාණයකි.

භානුක රාජපක්ෂ , චරිත් අසලංක , කුසල් මෙන්ඩිස් වැන්නන් මෑත කාලයේ එසේ නිර්දේශ කල හැකි ක්‍රීඩකයින් අතර තරු විය.

නමුත් මොහු එකී තරු පරයා දිලිසෙන පුන් සඳක් ය.

ඊට හේතු ඇත.

ඉහත ලියූ පරිදි එකී ලේබලය ඇලවීමට සුදුස්සන් වූ ඇත්තන් එක්කෝ පිතිකරුවන් ය. නැතහොත් පන්දු යවන්නන් විය හැක. මෙතෙක් තරු බිහි වූයේ එලෙස ය.නමුත් මෙය අදහාගත නොහැක.

තුන් ඉරියව්වෙන් පමණක් නොව නායකත්වයේ නුවණක්කාරකමින්ද ඔහු මේ වනවිට රටක් ජයගෙන අවසන් ය.

ශ්‍රි ලාංකීය පන්දු යවන්නෙක් වයස අවුරුදු 19න් පහල ලෝක කුසලානයේ දවාලු ඉහලම කඩුලු ගණනේ නවතම සොර දෙටුවා මොහු ය.

එපමණක් නොව 19න් පහල ලෝක කුසලානයක් තුල ශතකයක් රැස් කල ඒ ශ්‍රි ලාංකීය පිතිකරුවන් අතලොස්ස අතරින් එකෙකු වීමට ඔහුට ශක්තිය ලැබී ය.

” මෙයා වැඩිකල් නොගිහින් ජාතික කන්ඩායමේ දකින්න පුළුවන් වෙයි “ඔබ අප නොව ලෝකයක් අද කතා වෙන්නේ එලෙස ය.

යොවුන් ලෝක කුසලානයෙන් පෙර කීවාක් මෙන් තරු බිහි විය. එනමුත් තරු වලටත් වඩා එළිය ගෙනන පුන් සඳක් නම් මීට පෙර බිහි වී ඇතිදැයි මා සිතන්නේ නැත.

විටෙක පිතිකරුවෙක් ය. නැතහොත් පන්දු යවන්නෙක් ය. මෙය වෙනස් ය.

තුන් ඉරියව්වෙන්ම ඔහු ලෝක කුසලානයේ හරි හරියට හපන්කම් දක්වති.
ඇත්තටම මා හට ඉවසිය නොහැක.

දුනිත් වෙල්ලාලගේ ඉක්මනින්ම ජාතික කන්ඩායමට එන තුරු ඇගිලි ගනිමින් බලා සිටින්නට තරම් උණක් ඔහු බෝ කර අවසාන ය.

මෙතරම් පොඩි වයසින්ම ‍රටක් ආදරේ කරනා ලාංකීය ජන සමාජයේ බහුතරයකගේ ආකර්ෂණයක් දිනා ගත් ක්‍රීඩකයින් සිටින්නේ හරිම අතලොස්සක් ‍ය.

එයින් මෙතැන් සිට දුනිත් වෙල්ලාලගේ ‍යන නාමයද අන්තර්ගත ‍ය.

මා දුනිත්ගේ ප්‍රේක්ෂකයෙක් වුනෙමි….!!!

ලකුණු 87කට කඩුලු හතරක් දැවී ගිලෙන්නට ගිය සිංහ නෞකාව සැඩ සුළි කුණාටුවෙන් බේරාගත් කපිතාන් දුනිත් වෙල්ලාලගේ දියත් කල හතරේ පහර 9කින් සහ හයේ පහර 4කින් සමන්විත ලකුණු 113ක කපිතාන් ඉනිමට,හදවතින්ම සුභාශීෂණ !!!

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button