Cricket NewsEXCLUSIVE

නීතිඥවරුන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සිකුරාදා සිට ආරම්භ වේ.

ශ්‍රී ලංකාවේ නීතිඥ ක්‍රිකට් සංගමය සත්කාරකත්වය දරන නීතිඥවරුන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන සිකුරාදා (29) කොළඹ ක්‍රීඩාංගණ පහකදී ආරම්භ වෙයි. අට වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය, ජනවාරි 06 වැනිදා සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී පැවැත්වේ

තරගාවලියට කණ්ඩායම් 10 ක් සහභාගි වන අතර කාණ්ඩ දෙකකින් තරගාවලිය පැවැත්වෙයි. තර්ස්ටන් විද්‍යාලය, කටුනායක නිදහස් වෙළෙඳ කලාප, නාවල, පනාගොඩ, කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණය, වෙළෙඳ සේවා ක්‍රීඩාංගණය, එන්.සී.සී. සහ එස්.එස්.සී. ක්‍රීඩාංගණ වලදී තරග පැවැත්වෙයි. එක තරගයක් ඕවර 35 කට සීමාවන අතර එක දිනයකදී තරග 5 ක් පැවැත්වේ.

බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව කණ්ඩායම් 2 ක් බැගින් තරගාවලියට ඉදිරිපත් කර ඇති අතර එංගලන්තය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කණ්ඩායම අනෙක් කණ්ඩායම් දෙකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button