Cricket NewsEXCLUSIVEIPLMatch Review

පිතිකරුවන්ගේ දියාරු පිතිකරණය හේතුවෙන් Rajasthan Royals ඉදිරියේ වනිඳුගේ RCB කණ්ඩායමට ලකුණු 29ක පරාජයක්.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 39වන තරගය ලෙස ලෙස කුමාර් සංගක්කාර විසින් අධ්‍යක්ෂක ධුරය සහ ලසිත් මාලිංග විසින් වේග පන්දු පුහුණුකාරීත්වය දරන Rajasthan Royals සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 29 ජයග්‍රහණයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පත් වීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Royal Challengers Bangalore නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Rajasthan Royals කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 144ක් රැස් කිරීමට සමත් වුණා.

Rajasthan Royals වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Riyan Parag පන්දු 31කදී ලකුණු 56ක් වාර්තා කිරීමට සමත් වුනා.

නායක Sanju Samson ලකුණු 27ක් රැස් කළ අතර Ravichandran Ashwin ලකුණු 17ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී වනිදු හසරංග, Josh Hazlewood සහ Mohammed Siraj කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 145ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන්ට පන්දුවාර 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 115ක් පමණයි

Royal Challengers Bangalore ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Faf du Plessis ලකුණු 23ක් රැස් කල අතර වනිඳු හසරංග ලකුණු 18ක් රැස් කළා.

පන්දු යැවීමේදී Kuldeep Sen කඩුලු 4ක් සහ Ravichandran Ashwin කඩුලු 3ක් බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button