Cricket NewsEXCLUSIVEIPL

ඕනෑම මොහොතක දැවැන්ත පහර එල්ල කර හැකි ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙස සැලකෙන Shimron Hetmyerව අසරණ කළ වනිඳුගේ සුපිරි පන්දු යැවීම.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 39වන තරගය ලෙස ලෙස කුමාර් සංගක්කාර විසින් අධ්‍යක්ෂක ධුරය සහ ලසිත් මාලිංග විසින් වේග පන්දු පුහුණුකාරීත්වය දරන Rajasthan Royals සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වුවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Rajasthan Royals නායක Sanju Samson ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Royal Challengers Bangalore කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එහිදී Rajasthan Royals කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග Rajasthan හි ප්‍රභල කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා. ඒ Rajasthan Royals නායක Sanju Samsonගේ සහ ඕනෑම මොහොතක දැවැන්ත පහර එල්ල කර හැකි ක්‍රීඩකයකු ලෙස සැලකෙන Shimron Hetmyerගේ කඩුල්ලයි. වනිදු හසරංගගේ එම පන්දුවාර 4තුලම ප්‍රතිවාදී පිතිකරුවන්ට ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 23ක් පමණක් වීමත් විශේෂත්වයක්

වනිඳු හසරංග යොමු කළ පන්දුවක් හමුවේ Shimron Hetmyer දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button