Cricket NewsEXCLUSIVESocial Reaction

වනිඳු හසරංග, Karn Sharma ඇතුළු සිය මායාකාරී දඟ පන්දු බලඇණිය ගැන RCB තැබු විශේෂ සටහන.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වානිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 2022 වසර සඳහා වන තරඟාවලිය ඇරඹීමට තවත් ඉතිරිව ඇත්තෙ දින කිහිපයකි.

මෙවර තරඟාවලිය නැවුම් මුහුණුවරක් ගෙන තිබෙන අතර කණ්ඩායම් 10ක් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් හි ශුරතාවය වෙනුවෙන් සටන් වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිඩකයන්ද 5 ⁣දෙනෙකු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය නියෝජනය කරනු ලබනවා.

ඒ අතරින් මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය කෝටි දහයකට අධික ප්‍රමාණයකට අලෙවි වූ වනිදු හසරංග සැලකෙන්නේ මෙවර තරගාවලියේ තීරණාත්මක ක්‍රීඩකයෙකු ලෙසයි.

පසුගිය වසරේ ද ඔහු නියෝජනය කරනු ලැබුවේ Royal challengers bangalore කණ්ඩායම වන අතර ඔවුන් විසින් ම මෙවරත් වනිදු හසරංගව මිලදී ගනු ලැබුවා.

වනිදු හසරංග,Karn Sharma ඇතුළු විශිෂ්ට දඟ පන්දු බලඇණියකින් මෙවර RCB කණ්ඩායම සවිමත් වී ව සිටින අතර ඒ පිළිබඳව විශේෂ සටහනක්ද සිය සමාජ මාධ්‍ය ගිණුම්වලට එක් කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කටයුතු කර තිබුණේ තමන් සතුව සිටින්නේ දඟ පන්දු යවන්නන් නොව මායාකරුවන් බව දක්වමිනි.

එම සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button