Cricket NewsEXCLUSIVEIPL

“සංජු සැම්සන් ලොව සිටින හොඳම විස්සයි-20 ක්‍රිඩකයෙක්, Jaiswal විශිෂ්ටයෙක් ” – කුමාර් සංගක්කාර IPL හි සිය කණ්ඩායම දිරිමත් කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වානිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 2022 වසර සඳහා වන තරඟාවලිය ඇරඹීමට තවත් ඉතිරිව ඇත්තෙ දින කිහිපයකි.

මෙවර තරඟාවලිය නැවුම් මුහුණුවරක් ගෙන තිබෙන අතර කණ්ඩායම් 10ක් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් හි ශුරතාවය වෙනුවෙන් සටන් වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිඩකයන්ද 5 ⁣දෙනෙකු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය නියෝජනය කරනු ලබනවා.

එමෙන්ම මහේල ජයවර්ධන මහතා Mumbai Indians කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කරන අතර කුමාර් සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් හි අධ්‍යක්ශක දූරය හොබවනු ලබනවා. එමෙන්ම ලසිත් මාලිංගද එහි වේග පන්දු පුහුණුකාර ධූරය හොබවනු ලබනවා.

මේ අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂක ධුරය සහ ප්‍රධාන පුහුණුකාරීත්වය දරන කුමාර් සංගක්කාර මහතා සිය කණ්ඩායම පිළිබඳව විශේෂ ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබෙනවා.

සංගක්කාර එහිදී සිය ක්‍රිඩකයන් කිහිප දෙනෙකුගේ දස්කම් ප්‍රශංසාවට ලක් කර තිබෙන අතර Devdutt padikkal ගැන සංගා මෙලෙස පවසා සිටියා,

“Devdutt Padikkal පා ඉන්න දෙසින් එල්ල කරන පහරවල්, ඔහුගේ flick පහරවල් සහ ඔහු වේගපන්දුවට එරෙහිව දක්වන දක්ෂතා අනර්ඝයි.”

මම පසුගිය තරගවාර දෙකේ දී Devdutt Padikkalව හොඳින් නිරීක්ෂණය කළා. ඔහු සර්වසම්පූර්ණ ක්‍රීඩකයෙක්. මට ඔහුට කියන්න ඕනේ ඔහු කොච්චර කණ්ඩායමට වැදගත් ද කියලා” යනුවෙන් සංගක්කාර පවසා තිබුණා.

ඊට අමතරව සංගා තවත් ක්‍රිඩකයන් කිහිප දෙනෙකු පිළිබඳව මෙලෙස සඳහන් කර සිටියා,

“Jaiswalගේ පහරවල්වල සවිය සහ ඔහුගේ උනන්දුව, Hetmyerට හයේ පහරවල් එල්ල කරන තියෙන හැකියාව, Paragට හයේ පහරවල් එල්ල කරන්නට තිබෙන හැකියාව විශේෂයි.”

තවදුරටත් අදහස් දක්වමින් සංගක්කාර පවසා සිටියේ Sanju Samson ලොව සිටින හොඳම විස්සයි විස්ස ක්‍රීඩකයෙකු බවයි. Samson මෙවරත් Rajasthan Royals කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා.

“කණ්ඩායම නායකයා කියන එක සහ ඔහු Rajasthan Royals කණ්ඩායමේ අනාගතය කියන එක පැත්තකින් තිබ්බම ඔහු ලොව හොඳම විස්සයි විස්ස ක්‍රීඩකයෙකු බව කියන්න පුළුවන්.”

“ඔහු විශිෂ්ට, තරග දිනවන්න පුළුවන් ක්‍රීඩකයෙක්. පිතිකරුවෙක්ට අවශ්‍ය සියලු දක්ෂතා ඔහු ගාව තිබෙනවා. මම ඔහුව හොඳින් හඳුනනවා. මම ඔහුව අගය කරනවා. ඔහුට ස්වාභාවික නායකත්ව ලක්ෂණ තිබෙනවා. ඔහු දිනෙන් දින හොඳ වෙයි.”

“ඔහුත් සමඟ වැඩ කිරීම පහසුයි සහ විනෝදයි. ඔහුට ලොකු අභිමානයක් තිබෙනවා. ඔහුට ජයග්‍රහණය කරන්නට අවශ්‍යයි. මට කරන්න පුළුවන් දේ තමයි ඔහුට සහාය ලබා දෙන එක”, සංගක්කාර පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7