Cricket NewsEXCLUSIVEIPLMatch Review

Mumbai Indians කණ්ඩායමට පිට පිටම 8වන පරාජයත් උරුම කරමින් දුෂ්මන්ත චමිරගේ Lucknow ලකුණු 36ක සුපිරි ජයක් ලබයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 37වන තරගය ලෙස Lucknow Super Giants කණ්ඩායම සහ Mumbai Indians කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 36ක ජයක් හිමිකර ගැනීමට Lucknow Super Giants කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Mumbai Indians ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Lucknow Super Giants කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Lucknow Super Giants කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් වුණා.

Lucknow Super Giants වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ නායක KL Rahul පන්දු 62කදී ලකුණු 103ක් වාර්තා කිරීමට සමත් වුයේ KL Rahul මෙවර තරඟාවලියේ වාර්තා කිරීමට සමත් වූ දෙවන ශතකයටද හිමිකම් කියමිනි.

Manish Pandey ලකුණු 22ක් රැස් කළ අතර Ayush Badoni ලකුණු 14ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Riley Meredith සහ Kieron Pollard කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 169ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Mumbai Indians පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 132ක් පමණයි

Mumbai Indians ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Rohit Sharma ලකුණු 39ක් රැස් කල අතර Tilak Varma ලකුණු 38ක් රැස් කළා.

පන්දු යැවීමේදී Krunal Pandya කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූ අතර ආරම්භයේ පටන්ම සුපිරි පන්දුයවිමක නිරත වූ දුෂ්මන්ත චමීර සිය පන්දු වාර 4තුලම ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 14ක් පමණයි.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button