Cricket NewsEXCLUSIVEIPLPremier League

“අවම වශයෙන් තව ලකුණු 20 ක් අපට මදි උනා ” – මුම්බායි ඉන්දියන්ස් සමග තරගයෙන් පසු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් නායක ෆෆ් ඩු ප්ලෙසිස් කියයි.!

මුම්බායි ඉන්දියන්ස් පිලේ පන්දු යැවීමට ලකුණු 200 ක ඉලක්කයක් ලබා දුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමෙ නායක ෆෆ් ඩු ප්ලෙසිස් තරගයෙන් අනතුරුව කියා සිටියේ වන්කඩේ හිදී අවසන් ඕවර පහේදී තම කණ්ඩායම ලකුණු ලබා නොගැනීම පිළිබදව තමන් කලකිරීමට පත් වූ බවයි.

ඩු ප්ලෙසිස් සහ ග්ලෙන් මැක්ස්වෙල් තෙවැනි කඩුල්ලට පන්දු 62කදී ලකුණු 120ක් එක් කරමින් විශාල ලකුණු සංඛ්‍යාවක් සඳහා වේදිකාව සකස් කළහ. නමුත් 13 වැනි ඕවරයේදී මැක්ස්වෙල් ජේසන් බෙරෙන්ඩෝෆ්ගේ පන්දුවකින් දැවී ගිය පසු පසු ඊළඟ පන්දු දහය තුළ මහීපල් ලොම්රෝර් සහ ඩු ප්ලෙසිස් ද දැවී ගිය අතර රෝයල් චැලෙන්ජර්ස් පිලට අවසන් පන්දු 35 තුළ එක් කිරීමට හැකි වූයේ ලකුණු 53ක් පමණි.

“අවම වශයෙන් ලකුණු 20 ක්,” ඩූ ප්ලෙසිස් පරාජයෙන් අනතුරුව පැවසුවේ තම කණ්ඩායමට ජයග්‍රාහණය කිරීමට තව කෙතරම් ලකුණු අවශ්‍ය වූවාදැයි විචාරකයා ඇසූ විටය.

“මම හිතන්නේ අපි ඒ අවසන් ඕවර පහේ ප්‍රයෝජන ගත්තේ නැහැ. එතකොට තමයි මේ වගේ කඩුල්ලක ඇත්තටම ඔබට යම් හානියක් කරන්න පුළුවන්. ඒ නිසා අවසන් ඕවර පහ සහ ලකුණු නොලැබීම ගැන කලකිරුණා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
1
+1
1
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7