Cricket NewsEXCLUSIVE

Kane Richardson විසින් යොමු කළ පන්දුව, ලකුණු පුවරුව මතට පතිත කරමින් චරිත් අසලංක එල්ල කළ දැවැන්ත හයේ පහර.!

සංචාරක ලෝකශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී ආරම්භ වුවා.

අද තරඟයේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු නායක Aaron Finch ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් මේ වන විට සාර්ථකව සිය ඉනිම ගොඩ නගමින් සිටිනවා.

මේ අතර අද දිනයේ ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක දැවී ගිය අතර ඔහු දැවී යන විට පන්දු 15ක් තුල ලකුණු 26ක් රැස් කර ගැනීමට සමත්ව සිටියා.

අනතුරුව පිටියට පිවිසියේ චරිත අසලන්කයි. Kane Richardson විසින් යොමු කල තරඟයේ 5වන පන්දුවාරයේ දෙවන පන්දුවට චරිත් අසලංක එල්ල කල දැවැන්ත හයේ පහර ක්‍රිකට් විචාරකයන්ගේ දැඩි අවධානයකට ලක්ව තිබෙනවා. ඒ මිට පෙර පවතී ලෝක කුසලාන තරඟාවලියේ දී චරිත් දැක්වූ ඉහල දස්කම් හේතුවෙනි.

චරිත් අසලංක එල්ල කල එම දැවැන්ත හයෙපහර පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7